Saturday 13 October 2012

පදිංචි පළාතේ වසර දහයේ සේවය අනිවාර්යයයි

හෙද, පරිපූරක වෛද්‍ය සේවා හා අතුරු වෛද්‍ය සේවා තනතුරු සදහා බදවා ගන්නා සියලු දෙනා පුහුණුවෙන් පසු ප්‍රථම පත්වීම් දිනයේ සිට තමන් පදිංචි පළාතේ වසර 10 ක් සේවය කිරීම අනිවාර්ය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැන්වෙන්නේ, දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය අනුව ගැටළු රැසක් පැනනැගී ඇති බව ය. තමන් පදිංචි පළාතට පත්වීම් නොලැබීමෙන් මාරුවීම් ලබා ගැනීමට අමාත්‍යාංශයට ඉල්ලීම් ඉදිරිපත් කිරිමත්, එම ස්ථාන මාරු නොලැබීමෙන් සේවය අතහැරයාම, නිසි පරිදි සේවයට වාර්තා නොකිරීම, වෘත්තීය තෘප්තිමත්භාවයකින් තොරව කටයුතු කිරීම යන ගැටළු පැන නැගී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය. මේ හේතුවෙන් මහජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදීමේදී ගැටළු සහගත තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ බදවා ගන්නා නිළධාරින්, ඔවුන් පදිංචි පළාත තුලම ඇති සෞඛ්‍ය ආයතනවල සේවය සදහා නියුක්ත කිරීමෙන් එම ගැටළුවලට පිළියම් ලැබෙන බව නිරික්ෂණය වී ඇති බව ය. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකටද අනුමැතිය හිමි වී තිබේ.

No comments:

Post a Comment