Tuesday, 2 October 2012

දැරියගේ මරණයට හේතුව සොයා ගනී

ගාල්ල, කරාපිටිය රෝහලේදී පසුගියදා සිදුවූ පෙර පාසල් දැරියගේ මරණයට හේතුව මෙනින්ගිකෝකල් නැමැති රෝගය වැළඳීම බව අනාවරණවී තිබේ. කරාපිටිය ‍ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසුවේ, නයිසීරියා මෙනින්ගිටයිඩිස් නැමැති බැක්ටීරියාව ආසාදනය වීමෙන් මෙම රෝගය වැළඳී ඇති බවට ඒ පිළිබඳ කළ පරීක්ෂණවලදී හෙළි වූ බවයි. ඒ අනුව රෝග ව්‍යාප්තිය වැළැක්වීමට පවුලේ සාමාජිකයින්ට හා අදාළ දැරියගේ ළදරු පාසලේ අනෙකුත් දරුවන්ට හා කාර්ය මණ්ඩලයට ද අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන් බව ද අධ්‍යක්ෂවරයා කියා සිටියේය. විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ මෙම බැක්ටීරියාව ආසදනය වීම් ඉතා කලාතුරකින් මෙරටදී වාර්තා වන බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment