Wednesday, 14 November 2012

කුඩු පැකැට් 4,000ත් එක්ක යුවල දැලේ

රුපියල් ලක්ෂ දොළහක පමණ වටිනාකමකින් යුත් හෙරෝයින් පැකට් තොගයක් සමඟ අඹුසැමි යුවලක් පොල්ගස්ඕවිටදි අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු තොරතුරක් අනුව ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී සැකකාර යුවල අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු බවට හඳුනාගෙන තිබේ. සැකකාර යුවල සතුව තිබී හෙරොයින් පැකැට් හාරදහසක් ද සොයා ගැනිණ.

No comments:

Post a Comment