Wednesday, 14 November 2012
වාහන අංකය ව්‍යාජ එකක් බව හෙළි වෙයි
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදුන් පිරිස පැමිණි බව පැවසෙන වාහනයේ තිබූ අංකය ව්‍යාජ එකක් බව හෙළිවී තිබේ.
එම වාහනය පිළිබඳ ලබාගත් තොරතුරු අනුව බස්නාහිර පළාත තුළ ඊට සමාන වාහන 450 ක් පරීක්ෂාවට ලක් කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ මීට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවේ අද යළි කැඳ වූ අවස්ථාවේදීය.
පහරදුන් පිරිස විසින් පැහැරගත් බව පැවසෙන තිලකරත්න මහතාගේ ජංගම දුරකථනය තවදුරටත් ක්‍රියාවිරහිත කර ඇති බව ද පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
වැඩිදුර විභාගය දෙසැම්බර් 13 වැනි යළි කැඳවනු ඇති.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment