Wednesday, 14 November 2012
4G දුරකථන ජාල සඳහා සංඛ්‍යාතයන් වෙන්දේසියට සූදානම්
4G හෙවත් LTE දුරකථන ජාල ආරම්භ කිරීම සදහා වන සංඛ්‍යාතයන් වෙන්දේසි කිරිමට විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව තීරණය කර තිබේ.
එහි අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා සදහන් කළේ ඉදිරි මාස දෙක ඇතුලත එම වෙන්දේසිය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ය.
4G දුරකථන ජාල ලබන වසරේ සිට වාණිජ මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු සදහන් කළේය.
අනුෂ පැල්පිට මහතා සදහන් කළේ දැනට මෙරට රැහැන් රහිත සහ ඒ.ඩි.එස්.එල් පාරිභෝගිකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවන බව ය.
එය මීට වසරකට පෙර ලක්ෂ 7 ක් පමණ විය.
ඒ අනුව බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් ඉන්ටර්නෙට් භාවිත කරන්නන් සංඛ්‍යාව සියයට 50 කින් පමණ ඉහල ගොස් ඇති බව පැල්පිට මහතා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ රැහැන් රහිත බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් ඉන්ටර්නෙට් ව්‍යාප්තිය ඉහලයාම මෙම වර්ධනයට බලපා ඇති බව ය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment