Monday, 12 November 2012

උගන්ඩා ජනපති දිවයිනට

උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසෙවේනී මහතා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේ ය. කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ රාත්‍රී 9.45 ට උගන්ඩාවේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි බවය. සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි උගන්ඩා ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් සමන්විත ධූත පිරිසක් ද පැමිණ තිබේ. උගන්ඩා ජනාධිපතිවරයා සිය සංචාරය අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. විදේශ අමාත්‍යවරයා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සමඟ සහ වෙළඳ ප‍්‍රජාව සමඟ ද උගන්ඩා ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

No comments:

Post a Comment