Tuesday, 13 November 2012

සාවද්‍ය තොරතුරුදී විමල් ඇනගනී

13 වැනි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය බල රහිත කරන ලෙස ඉල්ලමින් වීරවංශමහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට සූදානම් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව එක්රැස් කළ කරුණු මුළුමනින්ම සාවද්‍ය තොරතුරු සම්පිණ්ඩනය කර තිබූ බැවින් එය ඊයේ (12) දිනයේ ගොනු කිරීමට නොහැකිවී තිබේ. මේ අනුව එය දින නියමයක්‌ නොමැතිව කල් දැමීමට ජාතික නිදහස්‌ පෙරමුණට සිදුවී ඇත. කෙසේ නමුත් එම පක්ෂය විසින් සත්‍ය කරුණු වසන් කරමින් මාධ්‍ය වෙත පවසා තිබුනේ මේ වනවිට ආණ්‌ඩුව විසින් අගවිනිසුරුවරියට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගය සලකා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ජා.නි.පෙ. නායක විමල් වීරවංශ මහතා නියෝජිතයකු ලෙස පත්කොට ඇති බැවින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ උපදෙස්‌ මත මෙලෙස නඩු පැවරීම ප්‍රමාද කළ බවයි. කෙසේ නමුත් 11 වැනිදා රාත්‍රිය වන විටත් එම පක්ෂයේ නායකයින් මාධ්‍යවේදීන් හමුවේ පවසමින් සිටියේ අනිවාර්යයෙන්න්ම මෙම නඩුව එදිනට ‍ගොනුකරන බවයි. කෙසේ නමුත් ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කරන්නේ ‍ඔවුන් මෙම නඩුවගොනු කිරීම සඳහා පාදක කරගත් කරුනු බැලූ බැල්මටම සාවද්‍ය බව හැඟෙන බැවින් එය ලියාපදිංචි කිරීමට නොහැකි බව නීතිවේදීන් දැන්වූ බවයි.

No comments:

Post a Comment