Wednesday, 7 November 2012

කතක් ඝාතනය කෙරෙයි

මහවිලචිචිය, කරඹගොල්ලෑව ප‍්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබේ. අද (07) උදෑසන ලැබුණ තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයක දී අදාළ කාන්තාව පදිංචිව සිටි නිවස ඉදිරිපිට මිදුලේ තිබී ඇයගේ මළ සිරුර සොයාගත් බව පොලීසිය පවසයි. 34 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව සඳහන්ය. ඊයේ රාත‍්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී ඇති අතර කෙසේ වෙතත් සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

No comments:

Post a Comment