Thursday, 8 November 2012
මන්ද මානසික කතක් දූෂණය කළ අයෙකුට දස වසරක සිරදඬුවම්
මන්ද මානසික කාන්තාවක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ අයෙකුට කොළඹ මහාධිකරණයේ කුමුදුණී වික්‍රමසිංහ විනිසුරුවරිය අද වසර 10 ක සිර දඩුවමක් නියම කළාය .
30 හැවිරිදි චූදිතයාට ඊට අමතරව රුපියල් 5000 ක දඩයක් සහ වන්දියක් වශයෙන් රුපියල් 50,000 ක් 37 හැවිරිදි මන්ද මානසික කාන්තාවට ගෙවීමටද නියම විය.
දඩය නොගෙවන්නේ නම් මාසයක සිරදඩුවමක්ද, වන්දිය නොගෙවන්නේ නම් මාස හයක සිර දඩුවමක්ද, වරදකරුට වෙන් වෙන් ව ගෙවී යන සේ අධිකරණයෙන් නියම කළේ ය.
අදාල මන්ද මානසික කාන්තාව නිවසේ සිටියදී අසල්වැසියෙකු වන වරදකරු ඇයට මෙම අපරාධය කරද්දී එය දුටු ඇගේ නැගණිය කෑ ගසා අසල්වැසියන් නිවසට ගෙන්වා වරදකරුව ගහක බැද පොලීසියට භාර දී තිබුණි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment