Thursday, 8 November 2012

උඹත් බේරගන්න ලැබුණ එක ලොකු දෙයක්...!

මින්නේරියේ සිට ජා-ඇල දක්වා මස් පිණිස ගවයින් රැගෙන යමින් තිබු ලොරියක් සමග පුද්ගලයින් තිදෙනෙකු දඹුල්ල නගරයේදී පොලීසිය විසින් අද (08) අලුයම 4.00ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී. මෙහි විශේෂත්වය වන්නේ ගවයින් 3ක් පමණ ප්‍රවාහනය කළ හැකි මෙම කුඩා ලොරියේ ගවයින් 11 දෙනෙකු තට්ටු වශයෙන් දමා රැගෙන යාමයි. මේ හේතුවෙන් එක් ගවයෙකු මියගොස් තවත් 4ක් දැඩිලෙස අසාධ්‍යව සිටි බව අප වාර්තාකරු පවසයි. එහීදි අත්අඩංගුවට පත්වු පුද්ගලයින් රුපියල් 30,000ක අල්ලසක් පොලීසියට ලබාදීමට තැත්කර ඇතැත් පොලීසිය එය ප්‍රතික්ෂේප කර ඇතැයිද අප වාර්තාකරු කියයි. මේ මියැදි සිටි ගවයා අසල සිටින තවත් ගවයෙකුට පොලිස් නිලධාරියෙකු වතුර බීමට දෙන ආකාරයයි.

No comments:

Post a Comment