Wednesday, 7 November 2012

බිරිඳ මරා ඇත්තේ ආරක්ෂක සේවයේ සැමියායි

මහවිලච්විය, කරඹගොල්ලෑව ප‍්‍රදේශයේ තිබී අද (07) උදෑසන වාර්තා වූ කාන්තා ඝාතනයට සැකපිට ඇගේ සැමියා වන සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක් වූ කාන්තාවගේ මළ සිරුර ඇය පදිංචිව සිටි නිවසේ මිදුලේ තිබී අද (07) පෙරවරුවේ පොලීසිය විසින් සොයා ගන්නා ලදී. ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වි ඇත්තේ එම කාන්තාවගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි. මහවිලච්චිය පොලීසිය විසින් අනුරාධපුර මූලස්ථාන පොලිස්ථානයෙන් රැගෙන ආ ‘‘බ්ලැකී” නම් පොලිස් නිළ සුනඛයා යොදා ගනිමින් ඝාතනයට සම්බන්ධ සැකකරු සොයා මෙහෙයුම් ආරම්භ කළ අතර එහිදී සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් සැකකරු ඝාතනය ලක් වූ කාන්තාවගේ ස්වාමි පුරුෂයා වන අතර වසර 2 කට වැඩි කාලයක් ඇය ඔහුගෙන් වෙන්ව තනිව වාසය කර ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment