Wednesday, 12 December 2012

පීඩිත ජනතාවගේ විමුක්තිය සිය දිවියට ඉහලින් ඔසවා දැමු වීරත්වයෙන් පන්නරය ලැබූ සමන් සහෝදරයා

ලාංකීය විමුක්ති අරගලයේ ප්රුගතිය හා ජයග්රවහණය උදෙසා උණු ලේ දහරාවෙන් මව්බිම ශුද්දවූ බිමක් බවට පත් කල විරුවන්ගේ මාසය නිමවෙමින් පවතින අතර තුර අපට අත හැර යා නොහැකි සහුර්දයෙකුගේ මතකයක් අවදි කරමු. ඔහු නමින් සමන් පියසිරි ප්ර්නාන්දුය. මෙරටේ දුක් විඳින පීඩිත ජනතාවගේ විමුක්තිය සිය දිවියට ඉහලින් ඔසවා දැමු වීරත්වයෙන් පන්නරය ලැබූ සමන් සහෝදරයා ලාංකීය විමුක්ති අරගලයට හොරණ ප්රතදේශයෙන් දායාද කල මහා මෙරක් බඳු සගයෙකි. කැලණිය සරසවියේදී පීඩිත පන්ති දේශපාලනය තෝරාගනිමින් ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ද වන ඔහු සිසු අරගල තුලද කැපී පෙනෙන යුතුකම් කොටසක් ඉටු කළේය. මිනිසුන් හා මිනිසුන් අතර අසමානත්වය තුරන් කරන සාමුහිකත්වය මත ගොඩනැගෙන පන්ති විරහිත සමාජයක් ගොඩ නැගීමේ අධිස්ටානයෙන් පන්නරය ලබමින් සටන් කාමිත්වය , ජීවගුණය පෙරදැරි කරමින් පන්තියට නායකත්වය දුනි. මේ රටේ මිනිසුන්ට එතරම්ම ප්රේමම කල, එතරම්ම ඇලුම් කල මිනිසුන් ධනේශ්වර වධකාගාර මත වීරයන් සේ මියයන අතර තුර , ඔවුන්ගේ අවසන් ජීවවායුවෙන් මුදාහල පණිවිඩය වුයේ සටන අත් හරින්න එපා...පන්තිය වෙනුවෙන් අවසන් සගයා දස්ක්වාම සටන් කරන්න යන්නයි..ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමන් සහෝදරයා පක්ෂයේ අති බහුතරය ඝාතනයට ලක්වී ,සංවිධානය මද්යගත සංවිදානය ජාලයෙන් දුරස්වී ඉතා දුෂ්කරඅවස්තාවක දී පක්ෂයට නායකත්වය දුනි. විප්ලවවාදීන් සිටිය යුත්තේ සටන් බිමකය එසේත් නැත්නම් සිපිරි ගෙයකය ..නැත්නම් සොහොන් බිමකය. අනෙකුත් වීර සගයන් මෙන් සමන් සහෝදරයාටද මේ කියමන සපුරා වලංගුය. ඔහු සතු අද්විතීය මිලිටරි දැනුම මත පදනම්ව පක්ෂය ලැබූ ජයග්රරහණයන් ඉතිහාසය තුල නොමැකෙන මතක සටහන් වී අවසන්ය. එවකට ද්රෝූහී ඒ.ජා.ප. ආණ්ඩුවේ ප්රටදානම සතුරෙකු වූ සමන් සහෝදරයා සියලු බුද්දි අංශ හා පැරා මිලිටරි බලකායන්ගේ නොම්මර එකේ දඩයම විය. එහෙත් සටන් කාමී ජීව ගුණය දශමයකින් හෝ බිඳ නොදැමූ ඔහු අවසාන මොහොත දක්වාම පක්ෂයේ ගරුත්වය , අභිමානය රකිමින් සටන් බිම්ම තෝරා ගත්තේය. මිනිසෙකුට ශාරීරික වශයෙන් හා මානශික වශයෙන් විඳදරා ගත නොහැකි වධ් හිංසා ඉදිරියේ මත්තේගොඩ හමුදා කඳවුරේදී පක්ෂයට එරෙහිව එකදු සුසුමක් හෝ නොහෙලා විප්ලවීය සම්ප්රනදාය හා සදාචාරය සුරැකිමින් , ජ.වී.පෙ. සටන් කාමීන් ධනපති මිලිටරි ඉදිරියේ දනින් නොවැටේ මිය යන්නේ කෙසේදැයි අන් යට පුර්වාදර්ශයක් වී මිය ගියේය. ඔහු මිය යාම්නේ පසු ඔහුගේ නිවසේ තිබී සොයා ගත මිලිටරි පොත් පත් ඒ වනවිට ශ්රීඔ ලාංකීය මිලිටරි සේවා පුස්තකාල තුලද නොතිබුණු ඒවා බව පසුව අනාවරණ විය. 1989 දෙසෙම්බර් 29 වන දින ඔහු අපෙන් සදහටම වෙන් විය..

No comments:

Post a Comment