Sunday, 17 February 2013

පාසල් ශිෂ්‍යාවක් තම පාසලේ තීන්ත ආලේප කිරීම සඳහා අවශ්‍ය මුද්ල් සොයා ගැනීම සඳහා වත්තකින් පොල්ගෙඩි 08ක් ඇහින්දේයැයි ගොනු කෙරුණු නඩුවක් පසුගියදා ඉල්ලා අස්කර ගන්නා ලදී . එම නඩුවට අදාලව සත්‍ය තොරතුරු සොයා ගිය සති අන්ත පුවත්පතකට මෙම‍ තොරතුරු අනාවරණය වී තිබුණී.

"කවුද පිරිසක්‌ ඇවිත් ඉස්‌කෝලේ පින්සිපල්ට තර්ජනය කරලා කියලා කතාවක්‌ තිබුණා. ඒ කතාව බොරුවක්‌. එයාට ප්‍රසිද්ධ වෙන්නයි රටේ මිනිස්‌සුන්ගේ අනුකම්පාව දිනාගන්න විදුහල්පතිතුමා දැනුවත්ම තමයි එහෙම කරගෙන තියෙන්නෙ. "ඇත්තටම ඉස්‌කෝලෙ ඩෙස්‌ පුටු පේන්ට්‌ කරන්න කියලා ළමයින්ගෙන් රුපියල් 800 ක්‌ එකතු කරලා තියෙනවා. නමුත් මේ ළමයගේ මව්පියෝ දුප්පත් නිසා ඉස්‌කෝලෙ වැඩවලට මේ ළමයගෙන් සල්ලි අරගෙන නැහැ. හරියට පරීක්‍ෂණයක්‌ කරනවා නම් විදුහල්පතිව ගෙදර යවන්නත් පුළුවන්. ඇයි පාසලේ වැඩවලට ළමයින්ගෙන් මුදල් එකතු කරන්නේ. එහෙම කළේ නැහැ කියන්න බැහැ. පාසලේ ගුරුවරුන් හතර දෙනකුගෙන් යුත් කමිටුවක්‌ පත් කරලා තමයි මේ මුදල් එකතු කරලා තියෙන්නෙ. මහ ඇමැතිතුමා කියනවා මෙච්චර මුදලක්‌ මේ පාසලට වෙන් කරලා තියෙනවා කියලා. එහෙම තියෙද්දීත් ඇයි ළමයින්ගේ දෙමව්පියන්ගෙනුත් මුදල් එකතු කරන්නේ. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. මේ ළමයින්ගෙන් එකතු කරපු සල්ලිවලට මොකද වුණේ කියලා හරි නම් වෙනම පරීක්‍ෂණයක්‌ කරන්න ඕනා. ඒවා යට ගැහෙනවා" "මේ විදුහල්පතිතුමා පාසලේ ළමයින්ට මරු නීති තමයි දාලා තියෙන්නෙ. එයා කියන පොත් සාප්පුවලින් තමයි ළමයි පොත් ගන්න ඕනා. ඊට අමතරව ඉස්‌කෝලෙ ළමයින්ට විදුහල්පතිතුමා නියම කරපු බෑග් එකක්‌ තියෙනවා ඒ බෑග් එක අනිවාර්යෙන්ම පාසලේ සෑම ළමයෙක්‌ම ගන්න ඕනා. ඒ බෑග් එක හදවලා විකුණන්නේ විදුහල්පතිතුමාගේ පුතා. බෑග් එක ගත්තෙ නැත්නම් ළමයින්ට පාසලට එන්න දෙන්නෙ නැහැ. ළමයි වෙනත් බෑග් එකක පොත් දාගෙන ආවොත් හවසට ළමයට ගෙදර යන්න වෙන්න පොත් ටික අතේ අරගෙන. ප්‍රින්සිපල් බෑග් එක තියාගන්නවා. අපි අධ්‍යාපන සේවා ඇමැතිතුමාගෙන් ඇහුවා පාසල්වලට බෑග් එකක්‌ නියම කරලා තියෙනවද කියලා. එතුමා ගත් කටටම කිව්වා එහෙම දෙයක්‌ නියම කරලා නැහැ, කිසිම පාසලකට වෙන වෙනම බෑග් වෙන් කරලත් නැහැ කිව්වා." "පාසල් සපත්තුවලටත් ඒ කතන්දරයම තමයි. විදුහල්පතිතුමා කියන සාප්පුවෙන් විතරයි සපත්තු ගන්න ඕනා. ඒ පාවහන් වෙළෙඳසලෙන් විදුහල්පතිතුමාට කොමිස්‌ එකක්‌ ගෙවනවා. විදුහල්පතිතුමා නම් කියන්නේ ඒ ලැබෙන කොමිස්‌ මුදලෙන් පාසලේ දුප්පත් ළමයින්ට සපත්තු අරන් දෙනවා කියලයි. ඒත් කවමදාකවත් පාසලේ ළමයෙකුට අරන් දීපු සපත්තුවක්‌ නැහැ. කොළඹ සුපිරි පාසලකවත් මේ වගේ නීති නැහැ. ළමයින් මේ පාසලට ඇවිත් ඉගෙනගන්නේ විදුහල්පතිතුමාගේ ඔය සේරම නීතිවලට යටත් වෙලා තමයි. මේවා හොයන්න කිසිම අධ්‍යාපන බලධාරියෙක්‌ නැහැ"

No comments:

Post a Comment