.
Saturday, 16 February 2013
ඇන්ටනී සැමරුමට ධීවර සහාය ඉහළින්
ඊයේ (15) හලාවත එගොඩවැලේදී පැවැති ධීවර කාර්මික ඇන්ටනී ප්‍රනාන්දු සැමරුමට ප්‍රදේශයේ ධීවර කාර්මිකයන්ගෙන් විශාල සහයක් ලැබනු බව සමස්ථලංකා පොදුධීරවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පවසයි. 2012 වසරේ පෙබරවාරි 15වදා පැවති ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහි විරෝධතාවයේදී එයට එල්ල කළ STF වෙඩි පහරින් මියගිය ඇන්ටී මහතා වෙනුවෙන් එම ධීවර සම්මේලනය විසින් සංවිධානය කර තිබූ සැමරුමට තම සහාය පළ කරමින් ධීවරයින් එම ප්‍රදේශයේ කලුකොඩි ඔසවා තිබූ අතර ධීවරයින් මුහුදු යාමද වර්ජනය කර තිබුණි. පොදු මාළු වෙළෙඳසැලද ඊයේ වසා දමා තිබුණි. එගොඩවැල්ල දේවස්ථානයේ පැවති දේව මෙහෙයට සහ එම සැමරුමට ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ බිරිඳ සහ දරුවන්ද ඉන්ධ මිලට එරෙහි අරගලයේදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙක් ධීවර කාර්මිකයින් ඇතුළු ධීවරයින් විශාල පිරිසක්ද සහභාගීවී සිටියහ.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment