Tuesday 11 June 2013

පුරාවිද්‍යාවේ නින්දෙන් උණගලා වෙහෙර වැනසේ

පොළොන්නරුව, හිඟුරක්ගොඩ, ගතමුණ මාර්ගයේ ගොස් ජයවික්‍රම හන්දියෙන් චන්දන ‍පොකුණ දෙසට විහිදා ඇති මාර්ගයේ කි.මී. 1/2ක් පමණ ගමන් කළ පසු තුන් පැත්තකින් වටවූ සුන්දර වෙල්යායක්, අතීතයේ ග්‍රාමීය ජන සම්ප්‍රදාය සිහිගන්වන ගමයි-පන්සලයි, වැවයි-දාගැබයි සංකල්පය පසක් කරවන ගම්පියසක පිහිටා ඇති උණගලා වෙහෙර ෙචෙත්‍යය දැකිය හැක.
දුටුගැමුණු රජතුමා එළාර රජු හා පැවැති සටනේදී වාඩි ලාගෙන සිටි ස්ථානයක් ලෙසද ජනප්‍රවාදයේ හැඳින්වෙන මෙම සුන්දර බිම් ප්‍රදේශය ජයබිම ලෙසද, ෙචෙත්‍යය ජයබිම් වෙහෙර ලෙසද හඳුන්වන්නේ නයකු සහ මුගටියකු අතර සටනේදී නයා ජයග්‍රහණය කිරීම කලාතුරකින් සිදුවන බැවින් මෙම ස්ථානය එය සිදුවූ තැනක් ලෙස සලකා ජයබිම ලෙස හැඳින්වූ බවයි. එමෙන්ම දුටුගැමුණු යුද්ධයේදී උණු අග්ගලා සදා දුන් හෙයින් පසු කාලයක puravid2උණගලා වෙහෙර ලෙස නම් වී යැයිද ජනප්‍රවාදයේ එයි. ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යා වටිනාකම්වලින් හෙබි උණගලා වෙහෙර ෙචෙත්‍යය දප්පුල රජුගේ රාජ්‍ය කාලය තුළ ඉදිවී ඇතැයි පැවසේ.  වර්තමානය වන විට ගරා වැටුණු ස්තූපයක් ලෙස දක්නට ඇති උණගලා වෙහෙර ෙචෙත්‍යය අවට සංඝාරාම ආදියද ෙශෙලමය නටඹුන් දක්නට හැකිය. අක්කර හයක භූමිභාගයක් පුරා නටඹුන් පැතිර ඇති අතර පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබුණද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණ කටයුතුවලින් ඉවත්ව කටයුතු කිරීම නිසා උණගලා වෙහෙරේ පෞරාණිකත්වය දිනෙන් දින ‍පොළොවට පස්වෙමින් පවතී.
මෙම දාගැබ මධ්‍යම ප්‍රමාණයේ දාගැබක් වන අතර එය 12 වන සියවසට අයත් වන බව එහි හමුවූ සෙල් ලිපියක සඳහන් වේ. මුල් කාලයේ ෙචෙත්‍යය තුළ පේසා වළලු තුනක්, ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව හා කොත් කැරැල්ලක් දක්නට තිබුණි. උණගලා වෙහෙර ෙචෙත්‍යය තුළ ධාතු ගර්භ තුනක් දක්නට ලැබිමද මෙහි ඇති තවත් විශේෂත්වයකි. දාගැබ හතර කොන තුළ පිළිම ගෙවල් සතරක් තිබූ බවද නටඹුන්වලින් සනාථ වේ.
මේ වන විට විශාල ගස්වැල් වැවෙමින් විනාශ වෙමින් පවතින උණගලා වෙහෙර ආශ්‍රිත ගම්මානයද ඉතාමත් පැරණි ගම්මානවලින් එකකි. තවමත් විදුලිය පහසුකම් පවා නොමැති, නගරයට පවා නොයන ගැමියන් ජීවත්වන ගම්මානයක් ලෙස හැඳින්විය හැකි අතර මෙහි දක්නට ඇති විශාලම ඛිෙදවාචකය වනුයේ උතුරුමැද පළාතේ වකුගඩු රෝගීන්ගෙන් 80ක් පමණ මෙම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වීමයි.
වර්තමානය වන විට උණගලා වෙහෙර විහාරාධිපති ඥානිස්සර හිමියන් විසින් උණගලා වෙහෙර ෙචෙත්‍යය අනාගත පරපුරටද දායද කිරීම උදෙසා අප්‍රමාණ උත්සාහයක් ගන්නා අතර විශාල ගස්වැල් වැවීම නිසා එය රැකගැනීමට පවා අසීරු කටයුත්තක් වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මැදිහත්වී අතීත උරුමයක නෂ්ටාවශේෂ තැම්පත්ව ඇති මෙවන් ෙචෙත්‍යයක් සංරක්ෂණය කරන්නේ නම් එය උණගලා වෙහෙර වැසියන්ට පමණක් නොව ශ්‍රී ලාංකිකයන්ටද ආඩම්බරයෙන් අපේ උරුමයන් පිළිබඳව කතාබහක යෙදීමට හැකිවනු ඇත.
සුජිත් ප්‍රසංග

No comments:

Post a Comment