
2012 වසරේ පෙබරවාරි 15වදා STF වෙඩි පහරින් මියගිය ධීවර කාර්මික ඇන්ටනී ප්‍රනාන්දු මහතා සැමරුම අද (15) හලාවත එගොඩවැලේදී පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇතැයි සමස්ථලංකා පොදුධීරවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පවසයි.
ධීවර කාර්මික ඇන්ටනී ප්‍රනාන්දු මහතා මරා දමා අවුරුද්දක් ගතවීම නිමිත්තෙන් අද එගොඩවැල්ලේදී උද්ඝෝෂණ කිහිපයක් සංවිධානය කර ඇති බවත් ඉන මහජන සාමය කඩවීමක් විය හැකි බැවින් එය නතර කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇතැයිද වාර්තාවේ. ඒ සම්බන්ධයෙන් අප කළ විමසී මකදී ඒ මහතා පැවසූවේ එවැන්ක් තමන්ට දැනගන්නට ලැබී නැති බවත් එවැනි වාරණයක් ගත්තද මෙහි උද්ඝෝෂනයක් පැවැත්වීමට තමන් සූදානම් වී නොසිටි බවත්ය.
විශේෂයේන ඔහු අවධාරණය කරමින් කියා සිටියේ පසුගිය වසරේදී ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග එයට රටේ විශාල වශයෙන් විරෝධතා මතුවූ බවත්, එහිදී ධීවර කාර්මිකයින්ගේ විරෝධතා ඉතා තියුනුව පැවති බැවින් එය මර්ධන කිරීමට ආණ්ඩුවේ පොලීසිය හමුදාව යොදවා මිනිස් ඝාතන පවා සිදුකළ බවත්ය. එහිදී මරා දැමුණු ඇන්ටනී ප්‍රනාන්දු ධිවර කාර්මිකයා සමරමින් පවත්වන මෙම සැමරුම් උළෙල සහ දේව මෙහෙය නැවැත්විය නොහැකි බවත්ය.

No comments:
Post a Comment