.
Saturday, 9 March 2013
චාවෙස්ගේ දේහය මිහිදන් කිරීමටත් පෙර වෙනිසියුලාවේ බලය අල්ලා ගැනීමට ඇමරිකාව උත්සාහ දරනවා - මදුරෝ
වෙනිසියුලාවේ ජනාධිපතිවරයා වූ උගෝ චාවේස්‌ගේ අවමගුල් උත්සවය අද රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වේ. චාවේස්‌ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නියෝජ්‍ය ජනාධිපති නිකොලස් මදුරෝ පැවසූවේ චාවේස්‌ගේ අභාවයත් සමගම වෙනිසියුලාවේ බලය අල්ලා ගැනීමට ඇමරිකාව උත්සාහ කරන බවයි. ඇමරිකානු රජය වෙනිසියුලාව අස්‌ථාවර තත්ත්වයකට පත් කිරීමට උත්සාහ කරන බවද හෙතෙම කියා සිටියේය. වෙනිසියුලාවේ කරකාස් නුවරදී හමුදා ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරීන් ඇමතූ නියෝජ්‍ය වෙනිසියුලානු ජනාධිපතිවරයා පැවසූවේ රටේ ආරක්‍ෂාව උදෙසා සියලු ක්‍රීයා මාර්ග ගෙන ඇති බවයි. ජනාධිපති චාවේස්‌ගේ සෞඛ්‍ය තත්ත්වය බිඳ වැටීමට මූලික හේතුව වූයේ පිටස්‌තර බලවේගයන් විසින් එල්ල කළ ප්‍රහාරයක් යෑයිද නියෝජ්‍ය ජනාධිපතිවරයා චෝදනා කළේය. එසේම වෙනිසියුලාවේ අතීත සතුරන් චාවෙස්‌ට පිළිකාව එන්නත් කර ඇතැයිද හෙතෙම තවදුරටත් චෝදනා කලේය. මේ සතුරන් දැන් බලාසිටින්නේ වෙනිසියුලාවේ බලය පැහැර ගැනීමට බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය. නියෝජ්‍ය ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේ. කරකාස් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයේ නිළධාරියෙකු වෙනිසියුලාව අස්‌ථාවර කිරීමේ ව්‍යාපෘතියක් මෙහෙය වු බවයි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment