Saturday 9 March 2013

චාවෙස් වෙනුවෙන් ජවිපෙ ශෝකය

වෙනිසියුලාවේ නායක උගෝ චාවෙස්ගේ අභාවප්‍රාප්තවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මෙරට පිහිටි කියුබානු තානාපති කාර්යාලයට ගොස් තම පක්ෂයේ ශෝකය සටහන් කර තිබේ. චාවෙස් අභාවප්‍රාප්ත වූවායින් පසුව කියුබානු තානාපති කාර්යාලය විසින් ශෝක ප්‍රකාශ සටහන් කිරීමේ පොතක් පවත්වාගෙන යනු ලබන අතර තම පක්ෂය වෙනුවෙන් වූ ශෝක ප්‍රකාශය සටහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් මහතා සඳහන් කර ඇත්තේ "චාවෙස් ඔබේ සිහිනය 21වන සියවසේ සමාජවාදය ගොඩනැගීමයි. ඔබ වෙනුවෙන් කළ හැකි උසස්ම උපහාරය එය සැබෑවක් කිරීමයි..." ආදී වශයෙණි.

No comments:

Post a Comment