
ආණ්ඩුව රාජතාන්ත්‍රික දුප්පතෙක් වී ඇති අතර විදේශ කටයුතුවලදී ඇතිවන ගැටලු පිළිබද කර අරිමින් සිටින බව එතෙර අපි සංවිධානයේ සභාපති ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂමන් නිපුනආරච්චි මහතා පවසයි. 2012 දී පමණක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට විදෙස් ගතවූන්ගේ පැමිණිලි 9925ක් ලැබී තිබෙන බවත් තවතවත් ඔවුන්ගේ පැමිණිලි වැඩිවෙමින් තිබෙන අතර ආණ්ඩුව රටවිරුවන් ගැන වගකීම් විරහිතව කටයුතු කරන බවත් අද (03) පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් ඔහු කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා...
විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව මැදිහත්කරුවකු වශයෙන් කටයුතු කරන එතෙර අපි සංවිධානය ඔවුන්ගේ ගැටලු පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමුකිරීම සඳහා කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
වර්තමානයේදී සයිප‍්‍රසයේ සේවය කරන ශී‍්‍ර ලාංකිකයින් පිළිබඳව ගැටලූවක් මතුවී තිබෙනවා. අද සයිප‍්‍රසයේ ධනවාදී රටක් විදියට ආර්ථික අර්බුදයේ ගොදුරක් බවට පත්වී තිබෙනවා. ප‍්‍රධාන වශයෙන් සයිප‍්‍රසය විශාල ණය උගුලක හිරවෙලා තිබෙනවා. ඒ වගේම ගී‍්‍රසියේ මුදල් ආයෝජනය කිරීම නිසා ගී‍්‍රසිය කඩාවැටීමත් සමඟ මුදල් ලබාගත නොහැකිව සයිප‍්‍රසයේ ආර්ථිකය කඩා වැටිලා. පෙබරවාරි මාසයේ පත්වූ අලූත් ආණ්ඩුව වැඩකරන සේවකයින්ගේ අර්ථසාධක අරමුදල කප්පාදු කරලා පැහැර ගනිමින් ඉන්නවා. එරට ජනතාව ඒ.ටී.එම්. යන්ත‍්‍ර මගින් ලබාගන්නා මුදල දිනකට යුරෝ 100 දක්වා සීමා කරලා තිබෙනවා. ප‍්‍රධාන බැංකු දෙකක් වන පොපියුලර් බැංකුවත් සයිප‍්‍රස් බැංකුවත් සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා. ක්‍රෙඩිට් කාඞ්වලින් කරන ගනුදෙනු නතරකොට තිබෙනවා. ඒ වගේම එරට ජනතාවගේ තැන්පතු මුදල් යූරෝ ලක්‍ෂයකට වැඩිනම් 40%ක බද්දක් අයකිරීමට එරට රජය තීරණය කොට තිබෙනවා. මේ ආකාරයට ආර්ථික අර්බුදය නිසා විශාල කඩාවැටීමකට ලක්වී තිබෙනවා.
එනිසා සයිප‍්‍රස් රජය සොයාගත් අලූත් තෙල් නිධි ජර්මනියට උගස් කිරීමට යනවා. හයිඩ්‍රෝ කාබන් ගෑස් නිධි විකුණා දැමීමට යනවා. මෙම අර්බුද නිසා සයිප‍්‍රස් ජනතාවගේ රැකියා අහිමිවන තත්වයක් උද්ගත වී තිබෙනවා. ඔවුන් රැකියාවලින් දොට්ට දානවා. එම තත්වය හමුවේ එරට ජිවත් වන 4000ක් පමණ වූ ශී‍්‍ර ලාංකිකයින් විශාල අර්බුදයකට මුහුණපා සිටිනවා. ශී‍්‍ර ලාංකික ජනතාව ආයතනවල සේවකයින් ලෙසත් ගෘහ සේවකයින් ලෙසත් ශිෂ්‍යයින් ලෙසත් එරට ජීවත්වන අතර ආයතනවල රැකියා කරන්නන් රැකියාවලින් එළියට වැටෙන තත්වයකට පත්වී තිබෙනවා. ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන කටයුතු බිඳවැටී තිබෙනවා. එරට නිවාසවල ආර්ථිකය බිඳවැටීමෙන් ගෘහ සේවකයින් දොට්ට වැටෙන තත්වයක් උදාවෙලා.
සයිප‍්‍රස් ජනතාවට රැකියා අහිමිවන නිසා ඔවුන්ගේ බලපෑම් එල්ලවෙලා තියෙන්නේ පළමුව එරට රැකියා කරන විදේශිකයින්ගේ රැකියා අහිමි කරන ලෙසයි. එනිසා එරට ජීවත්වන ශී‍්‍ර ලාංකිකයින් ඇතුළු විදේශිකයන්ට කෙනෙහිලිකම් කරන තත්වයක් උදාවී තිබෙනවා. එම ප‍්‍රශ්නවලට මැදිහත්වීම සඳහා දැනට තිබෙන්නේ තාවකාලික කවුන්සල් කාර්යාල පමණයි.
ශී‍්‍ර ලංකා ආණ්ඩුව මේවන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් දක්වලා නැහැ. මෙම අර්බුදයට ලක්වන්නන් පිළිබඳව ආණ්ඩුව වගකීමක් ගන්න ඕනෑ. නමුත් කිසිම ප‍්‍රතිචාරයක් මේ වනතෙක් දක්වා නැහැ. නමුත් මේ මොහොත වන විටත් රැකියා ඒජන්සිකරුවන් සයිප‍්‍රස් රටට ශී‍්‍ර ලාංකිකයින් රැකියා සඳහා පිටත් කරමින් ඉන්නවා. එසේ රැකියා සඳහා පිටත් වන්නන් සයිප‍්‍රස් රටේ තත්වය හෝ රැකියා පිළිබඳ අවදානම දන්නේ නැහැ. ආණ්ඩුව මැදිහත්වීමක් සිදු නොකරන නිසා ඒජන්සිවලින් සයිප‍්‍රස් පටවන එක නවත්වලා නැහැ. කැමති නම් යන්න, අකමැති නම් නොගිහින් ඉන්න කියන තත්වයකට ආණ්ඩුව පත්වෙලා තිබෙනවා. සෑම ප‍්‍රශ්නයකදීම රජයක් ලෙස වගකීම බාරගන්නේ නැති තත්වයක් උදාවෙලා. එනිසා ආණ්ඩුව පළමුව කළයුත්තේ රැකියා ඒජන්සි හරහා යවන එක නතර කරන එකයි. රැකියා සඳහා පිටත් වන්නන් මුදල් සොයාගන්නේ ණය වීමෙන්. නමුත් ඔවුන් මෙම තත්වය හමුවේ එරටට ගිය පසු විශාල ලෙස අසරණ තත්වයකට පත්වෙනවා. රැකියා නොමැතිව ණය ගෙවාගැනීමට නොහැකි තත්වයක් උදා වෙනවා.
අනෙක් පැත්තෙන් ශී‍්‍ර ලංකා රජය සයිප‍්‍රසයෙන් උගත යුතු පාඩමක් තිබෙනවා. සයිප‍්‍රසය කළමනාකරණයක් නොමැතිව ණය මත යැපීමෙන් විශාල ආර්ථික අර්බුදයකට පත්වුණා. ඔවුන්ට තිබුණු විකල්පය පළමුවත් ණය, දෙවනුවත් ණය, තෙවනුවත් ණය ගැනීමයි. ලංකාවෙත් සිදුවන්නේ ඒ ආකාරයෙන් ණය ගැනීමයි.
මැද පෙරදිග රටවලට යන ශී‍්‍ර ලාංකිකයින්ගේ තත්වයත් මේ ආකාරයේමයි. පසුගියදා වාර්තා වූ ගෘහ සේවිකාවන් මුහුණ දෙන තත්වයන් ඒ ආකාරයෙන්ම සිදුවෙමින් තිබෙනවා. වැඩිවීමක් මිස අඩුවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. තානාපති කාර්යාල තිබුනද ඒවායේ කි‍්‍රයාකාරිත්වය ඉතාමත් දුප්පත් තත්වයට වැටිලා. රිසානාගේ සිදුවීම හරහා හොඳින් එය පැහැදිළි වුණා. මෙරට රජය රාජතාන්ති‍්‍රක දුප්පතුන් බවට පත්වෙලා.
ආණ්ඩුව විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් රට විරුවන් යැයි කීවත් එය ප‍්‍රදර්ශනාත්මක වැඩපිළිවෙලක් පමණයි. ඇත්ත වශයෙන්ම රටට විදේශ විනිමය ගෙන එන්නන් පිළිබඳව වගකීම ප‍්‍රදර්ශනාත්මක දෙයක් වෙන්න බැහැ. විදෙස්ගත ශ‍්‍රමිකයින් රට විරුවන් වන විට ශී‍්‍ර ලංකාවේ ජීවත්වන අප බදු විරුවන් වෙලා. විශාල ලෙස ආණ්ඩුවට බදු ගෙවන්නන් බවට පත්වෙලා.
එමෙන්ම වර්තමානයේ ජෝර්දානයේ තත්වයත් මේ ආකාරයේමයි. එරට ආයතනවල වැඩකරන අයට මෙවන් ප‍්‍රශ්න මතුවෙලා තිබෙනවා. ‘දුම් බීම ශරීරයට අහිතකර විය හැකියි’ කියන්නා වගේ ප‍්‍රකාශ තමයි ආණ්ඩුව කියමින් ඉන්නේ. මෙරට රැකියා නැතිනම් පුරවැසියන්ට තිබෙන එකම විසඳුම විදෙස්ගත වීමයි. ආණ්ඩුව කියන විදියට මෙරට මහා ලොකු සංවර්ධනයක් තිබෙනවා නම් රැකියා අවස්ථා තිබෙනවා නම් ජනතාව විදෙස්ගත වන්නේ නැහැ. 2012 වර්ෂයේදී පමණක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 9925ක් වෙනවා. ඉන් 9644ක් මැද පෙරදිග රටවලින් ලැබුනු පැමිණිලියි. එයින් පැහැදිළි වෙනවා විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් කොපමණ ගැටළු ප‍්‍රමාණයකට මුහුණ දෙනවාද කියලා. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ රාජතාන්ති‍්‍රක ගනුදෙනු වගේම විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් පිළිබඳ නිසි වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන ලෙසයි.
විදෙස්ගත වන්නන් ගේ වයස් සීමාව පිළිබඳව අසන ලද පැනයකට පිළිතුරු දෙමින්,
ආණ්ඩුවේ නීතිය කුමක්ද කියලා නිශ්චිත පැහැදිළි කිරීමක් නැහැ. ඒ සඳහා 18න් ඉහළ හෝ 21න් ඉහළ හෝ කියා නීති හැදිය යුත්තේ ආණ්ඩුවයි. එය තීරණය කළ යුත්තේ ආණ්ඩුවයි. ඒ කෙසේ වෙතත් සමහර සංවිධාන කියනවා වගේ රට යවන එක නවත්වන්න කියලා කියන්න බැහැ. මොකද, රටේ රැකියා අවස්ථා නොමැතිව මෙරට ජනතාව විදෙස්ගත වීම නවත්වන්න බැහැ. ඇත්තටම අපි දකින විදියට මෙය වහල් සේවයක්. මෙරටදී මුහුණ දෙන ආර්ථික ප‍්‍රශ්නවල හැටියට රට යැවීම නතර කිරීමේ හැකියාවක් නැහැ. එනිසා එක පැත්තකින් විදෙස් ගත වන්නනන්ට හොඳ පුහුණුවක් ලබාදිය යුතුයි. අනෙක, බොහෝ අවස්ථාවල සිදුවන පොරොන්දු වන රැකියාව නොලැබීම සම්බන්ධයෙන්ද ආණ්ඩුව පියවරක් ගත යුතුයි රැකියා ස්ථිරත්වය පිළිබඳව වගකීමක් තිබෙන්න ඕනෑ.
විදෙස් රටවලින් උපයාගන්නා මුදල් මෙරටට ගෙන්වීම හරාම් දැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු දෙමින්..
සමහරු මෙම ප‍්‍රශ්නය දිහා බලන්නේ ආගම්වාදී, ජාතිවාදී කෝණයකින්. එවැනි ගෝති‍්‍රකවාදී විදියට ප‍්‍රශ්න විග‍්‍රහ කිරීම නතර කරන්න ඕනැයි කියලයි අපේ අදහස වන්නේ.
එතෙර අපි සංවිධානයේ නීති ලේකම් ජානක අධිකාරි, සංවිධායක ලේකම් හේමන්ත වීරකෝන්, යන අය ද මාධ්‍ය හමුවට සහභාගි වී සිටියා.
No comments:
Post a Comment