Monday 6 May 2013

මැයි 21 වර්ජනයට පක්ෂවල සහාය පතයි - හෙට (07) ජවිපෙ හමුවෙයි

අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කිරීමට එරෙහිව කැඳවා ඇති මැයි 21 වැඩ වර්ජනය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුව තීරණය කර තිබේ. මෙම වැඩවර්ජනයට සහාය ලබාගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බව එම කමිටුව පවසයි.
ඒ අනුව හෙට (07) සවස 3.00ට ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීමට බලාපොරත්තුවන බවත් ඉදිරියේ අනෙකුත් දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා කරන බවත් එම කමිටුව පවසයි.
එම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුලු පක්ෂ නායකයින් කිහිප දෙනක් සහභාගීවීමට නියමිතය.

No comments:

Post a Comment