Tuesday 7 May 2013

කම්කරුවන, දිළිදු ගොවියනි, තරුණ තරුණියනි, ශිෂ්‍ය ශිෂ්‍යවනි, ප්‍රගතශිලී බුද්ධිමතුනි, අවදිවන්න! පංතියේ අරමුණ දිනා ගන්නට.

කම්කරුවන, දිළිදු ගොවියනි, තරුණ තරුණියනි, ශිෂ්‍ය ශිෂ්‍යවනි, ප්‍රගතශිලී බුද්ධිමතුනි, අවදිවන්න! වහාම නොපමාව ඔබත් ජනතා විමුක්ති පෙරමුණේ ධජය වටා එක්‍ රොක් වන්න. අදම තරුණ කොමියුනිස් සංගමයට [[රතු ගැටව්] හෝ සමාජවාදි කාන්තා සංගමයට හෝ සමාජවාදි ශිෂ්‍ය සංගමයට බැදෙන්න. නිර්දන පංතියේ යෝධ විප්ලවිය වියායමයේ කොටස්කරුවකු වන්න. වහා පෙරට එන්න. 

සැම නිර්ධනයකුම, සෑම අර්ධ නිර්ධනයකුම, සුලු ධනෙස්වරයේ පහළ තට්ටුවට අයත් සෑම කෙනෙකුම අභිමුව තොරා ගැනිමට ඇති විකල්පය එයය. සෑම කම්කරුවකුම, සෑම දිලිදු ගොවියකුම, සෑම තරුණ තරුණියක්ම. සෑම ශිෂ්‍ය --ශිෂ්‍යවකම්, සෑම ශිල්පියකුම, සෑම ප්‍රගතිශිලි බුද්ධිමතකුම අභිමුව තඔරා ගැනිමට ඇති එකම විකල්පය එයයි 

ඔව්! ධනෙශ්වර පංතියේ පිඩිත පන්තීන් රෑවටිමේ  සෙප්පඩ විජ්ජාව තිරනාත්මක හඩින් ඇති යයි කිමට කාලය උදා වි තිබේ.

ඔව්! ධනෙශ්වර පංතියේ මේ තට්ටු මාරු ක්‍රමයට තිරන්නත්මක හඩින් ඇති යයි කිමට කාලය උදා වි තිබේ
  
ඔව්! ධනෙශ්වර පංතියේ මේ රජ වශ දෙකට තිරනාත්මක හඩින් ඇති යයි කිමට කාලය උදාවි තිබේ .

ඔව් ධනේශ්වර පංතියේ මේ තැරැව්කාර් සුළු ධනෙශ්වර අවස්ථාවාදින්ට හා දොහින්ට තිරනාත්මක හඩින් ඇති යයි කිමට කාලය උදවි තිබේ 

සාගින්නෙන් කුස හැකිලුන,පිපාසයෙන් මුව වියලුන, නින්දාවෙන් ගත මව්ලැවුන දුගී බවෙන් ගත මිරිකුන, පිඩනයෙන් කුදු ගැසුන, වැර හල්ලෙන් ගත සැරැසුන, ඉවසිමෙන් හෙම්බත් වුන පිඩිතයනි ලක් දෙරණ බංකොලොත් ධනපති ක්‍රමයට නැවතියවු කියා උස් හඩින් නියොග කිරිමට කාලය පැමින තිබේ අවස්ථාව උදාවි තිබේ නායකත්වය ලැබි තිබේ 

රවටනු ලැබ, වංචා කරණු  ලැබ මර්ධනය කරනු ලැබ පිඩා විදින කම්කරුවනි දිලිදු ගොවියනි ඔබේ වරය පැමින තිබේ සුන්කර දමනු ලැබු අනාගතයක උරුමක්කරයන් වි ඇති තරුණ තරුණියනි ශිෂ්‍ය --ශිෂ්‍යවනී ඔබේ වාරය පමින තිබේ ධනේස්වර ක්‍රමයට ප්‍රතිපක්ෂව සැබෑ සමාජවදයට පක්ෂව ඔබේ හඩ නැගිටිම ඔබේ කමත්ත ප්‍රකාශ කිරිමට පෙරට එන්න පෙරමුණ  ගන්න 

නිර්ධනයනි පිබිදියව්! විමුක්තිය ගාකර ගැනිමට පෙරට එව්! ජය දිනා ගනුමට පෙරමුණ ගනිව් දහස් ගනන් නිර්ධන පංති විප්ලවවාතින්ගේ උනු ලෙයින් රක්ත වර්ව දිලෙන අමරණිය රතු පතාකය සහිත ජනතා විමුක්ති පෙරමුණ වටා එකා මෙන් එක්‍රෝක්වෙව් පෙළ ගැසෙව්! අධිරාජ්‍ය වාදයට හා ධනේශ්වරයට එරෙහිව පංති සටන පන ගන්නව් 
                    නිර්ධනයනි! 
                   යමවු අභිතව; 
                    යමව් අදීනව,  
                                පංතියේ අරමුණ දිනා ගන්නට.
 

No comments:

Post a Comment