විදුලිය ගාස්‌තු වැඩි කිරීමට එරෙහිව ලබන 21 වැනිදා පැවැත්වීමට
නියමිත සංකේත වැඩ වර්ජනය සඳහා පෞද්ගලික, රාජ්‍ය සහ වතු යන අංශ
නියෝජනය කරන වෘත්තිය සමිති 600 කට අධික ප්‍රමාණයක් මේ වන විට
එකඟත්වය පළකර ඇතැයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ කැඳවුම්කරු
වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මීට අමතරව එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ මේ වන
විටත් මෙම වැඩ වර්ජනයට සහාය ලබාදෙන බවට ප්‍රකාශ කර ඇති අතර
දෙමළ ජාතික සන්ධානය, මුස්‌ලිම් කොංග්‍රසය සහ වමේ පක්‌ෂ සමගද මේ
සම්බන්ධව සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද හෙතෙම කීය.
මෙම වැඩ වර්ජනය සඳහා තවත් වෘත්තීය සමිති මධ්‍යස්‌ථාන රැසක සහාය
හිමිවන බවත්, ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ නායක
බාලතම්පෝ මහතාගේ සහායද ලබාදෙන බවට ඒ මහතා පොරොන්දු වී ඇතැයිද
වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
මීට අමතරව මෙම වැඩ වර්ජනය සාර්ථක කරගැනීම සඳහා බහුජන සංවිධාන,
ජනතා ක්‍රියාකාරීන්, සිවිල් සංවිධානවලද සහාය ලැබෙන බවද ඒ මහතා
වැඩිදුරටත් පැවසීය.
No comments:
Post a Comment