Thursday 16 May 2013

සමාජවාදී විප්ලවයෙන් පසු රුසියාවේ ලෙනින් යළි මතුවේ


ලෝක දේශපාලන ඉතිහාසයේ මෙන්ම, 1917 සමාජවාදී විප්ලවයෙන් පසු රුසියාවේ නව සමාජ හා සංස්කෘතික පරිච්ඡේදයක් ආරම්භ කළ වැල්ඩමීර් ලෙනින්නේ මෘතදේහය, රුසියා මෙන්ම ලෝක වාසී සංචාරකයන්ට ද රතු චතුරස්‍රයේදී දැකබලා ගැනීමට ක්‍රෙම්ලීනය දැන් අවස්ථාව උදාකර දී තිබේ.
රතුනායකයාගේ මෘත දේහය 2012 දී හදිසියේම ප්‍රදර්ශනය කිරීම අත්හිටවූයේය.
මෙහිදී බටහිර මාධ්‍ය පැවසුයේ එය භූමදානය කර ඇති බවයි.
එහෙත් එය මුසාවක් බවට අද පත්ව ඇත.
ක්‍රෙමිලීනය පවසා සිටියේ ඉතා වැදගත් අලුත්වැඩියා හේතුවෙන් ලෙනින්ගේ මෘත දේහය තැන්පත් කර තිබූ ගෝළාකාර ගොඩනැගිලි ශිඛරය වසා දැමූ බවයි.
රුසියාවේ වෙසෙන ක්‍රිස්තියානි මූල ධර්මවාදී සංවිධානයක් යෝජනාකර ඇත්තේ ලෙනින්ගේ මෘත දේහය ප්‍රදර්ශනය කිරීම නුසුදුසු බවයි. එය භූමදානය කරණ ලෙසත්ය.
වසර 90කට ආසන්න කාළයක පටන් කෞතුක වටිනාකමක් උසුළන දෙස් විදෙස් සංචාරකයන්ගේ ගෞරවයට හා ආකර්ශනය ලබන, ලෙනින්ගේ මෘත දේහය යම් අයුරකින් ඉවත් කිරීම සිදුවිය යුත්තේ ජනතා කැමැත්ත මත බව ජනාධිපති වැල්ඩමීර් පුටින් ප්‍රකශ කර ඇත.

No comments:

Post a Comment