ආණ්ඩුව විසින් විදුලි බිල් ගාස්තු වැඩිකිරීමට එරෙහිව මැයි 21 පැවැත්වෙන වැඩ වර්ජනය සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියඵම වෘත්තිය සමිති සුදානම් බව පසුගිය 14
දින කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේ පැවති මාධ්‍ය සාකච්ජාවකදී ඒකාබද්ධ
වෘත්තිය සමිති සම්මෙලනයේ කුරුණෑගල දිස්ත්‍රික් කැදවුම්කරු ඒ. එම්. විමලසිරි
මහතා ප්‍රකාශ කළේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියඵම වෘත්තිය සමිති එක්ව පැවැත්වු සාකච්ජාවකින් පසුව මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාකළේය.
මෙම මාධ්‍ය හමුව සදහා ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා සුව සේවා සංගමය, සමස්ත ලංකා පොදු ප්‍රවාහන සේවක සංගමය ලංකා විදුලි සේවක සංගමය, රාජ්‍ය සේවා කළමනාකරණ නිළධාරීන්ගේ සංගමය ඇතුඵ වෘත්තිය සමිති රැසක නියෝජිතයන් සහභාගීවී සිටියහ.

No comments:
Post a Comment