Thursday 16 May 2013

ආණ්ඩුවේ ගාතකයෝ පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගම් සභාපති පැහැර ගනී

ඊයේ දිනයේ පස්වරු 5.45ට පමන මහනුවර බස් නැවතුම්පොළේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ජනක නිලංග මදුෂාන් සහෝදරයා පැහැරගත් නන්නාදුනන පිරිසක් ඔහු බස් නැවතුම්පොලේ පිහිටි පාලු ගොඩනැගිල්ලකට රැගෙනගොස් පැය එක හමාරක් පමන රදවා තබාගනිමින් ප්‍රශ්න කර පසුව මරන තර්ජනය කර මුදාහැර ඇත.

එහිදී මෙම ආණ්ඩුවේ මැරයන් දිගින් දිගටම තරජනය කර ඇත්තේ ශිෂ්‍ය සංගම් විසින් පවත්වනු ලබන උද්ඝෝෂණ හා සියලු විරෝධතා නතර කරන ලෙස බල කරමිනි. 2013 සැප්තැම්බර් 27 වන දින රිය අනතුරක් සැලසුම් කර ජානක සිසිත සහෝදරවරුන් ඝාතනය කළේ තමන් බව ප්‍රකාෂ කර ඇති මෙම මැර පිරිස "ඇක්සිඩන්ට් වෙලා මැරෙන්න කැමතිනම් හා අතුරුදහන් වෙන්න කැමතිනම්" තොපි උද්ඝෝෂණ කරපියැද තර්ජනය කර ඇත.

No comments:

Post a Comment