Monday 20 May 2013

රටපුරා පෞද්ගලික බස් වර්ජනයේ, 21ටත් සහාය දෙනවා - අංජන ප්‍රියංජිත්

10%කින් බස්‌ ගාස්‌තු වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ මුල් කර ගනිමින් ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස්‌ වර්ජනයක්‌ ක්‍රියාත්මක කළ බව සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසයි.
මේ ඉල්ලීම් ඉටු කරන තුරු අඛණ්‌ඩව බස්‌ වර්ජනය ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීවේය.
මෙම ඉල්ලීම් ගැන අවධානය යොමු කරන ලෙස කීප වතාවක්‌ම බලධාරීන්ට දැනුම් දුන්නත් ඔවුන් මේ ගැන කිසිදු සැලකිල්ලක්‌ නොදැක්‌වීම නිසා තම සංගමය මෙම තීරණයට එළැඹි බවද හෙතෙම කීය.
මගී ජනතාවට සිදුවන අපහසුතාවයේ වගකීම ද එම බලධාරීන් භාරගත යුතු බවද ඔහු කියා සිටියේය.
විදුලි බිල් ගාස්තු වැඩිකිරීමට එරෙහි 21 වර්ජනයට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ‍යෝගය දක්වන බවත් එහි සභාපති අංජන ප්‍රියංජිත් මහතා පවසයි.

No comments:

Post a Comment