Tuesday 21 May 2013

ආණ්ඩුවෙන් ව්‍යාපාරිකයන්ට තර්ජන

ආණ්ඩුව විසින් විදුලි බිල් ගාස්තු වැඩිකිරීමට එරෙහිව මේ වනවිට ආරම්භ කර ඇති වැඩවර්ජනයට සහාය දැකිවීම සඳහා රටේ විවිධ ස්ථානවල වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ සංගම් තීරණය කර තිබුනත් විශේෂයෙන් ප්‍රධාන නගරවල වෙළෙඳ ව්‍යාපාරිකයන්ට පොලිස් නිලධාරීන් සෘජුවම මැදිහත්වී වැඩවර්ජනයට සහභාගී නොවන ලෙස තර්ජනය කර ඇතැයි වාර්තාවේ.
ඊයේ රාත්‍රී 08.00 පමණ සිට මධ්‍යම රාත්‍රිය වනතෙක්ම කන්තලේ සහකාර පොලිස් අධිකාරීවරයා සෘජුවම මැදිහත්වෙමින් තවත් පොලිස් කණ්ඩායමක්ද මෙහෙයවමින් කන්තලේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වර්ජනයට සහාය නොදෙන ලෙස දන්වා තර්ජනය කර ඇත.
එමෙන්ම අනුරාධපුර නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ටත් බදුල්ල සහ හාලිඇල ප්‍රදේශවල වෙළෙඳ ව්‍යාපාරිකයන්ටත් මෙලෙස පොලිස් මැරයන්ගේ තර්ජන සිදුවෙමින් පවතින බව වෘත්තීය

No comments:

Post a Comment