Monday 20 May 2013

විදුලි ගාස්තු අහෝසි කරනු - වෙළඳකලාප සේවකයෝ වීදි බසිති


(21) දින ප‍්‍රකාශයට පත් කර ඇති වැඩවර්ජනයට සමගාමීව මේ වනවිට විරෝධතා උද්ඝෝෂණ රට පුරා ඇවිලෙමින් තිබේ.
අද (20) දින වෙළඳ කලාප සේවකයෝද විරෝධතා උද්ඝෝෂණ පැවැත්විය.
විදුලි ගාස්තු වැඩිවීම නිසා බෝඩිං ගාස්තු හා කෑම බිල වැඩිවී ඇති බවත් එබැවින් වහා වැඩි කළ විදුලි ගාස්තුව වහා අහෝසි කරන ලෙසත් ඉල්ලමින් අද සවස කටුනායක වෙළඳ කලාප සේවක සේවිකාවෝ පන්දම් දල්වා උද්ඝෝෂණ පෙළපාලියක නිරත විය.
මෙම උද්ඝෝෂණය වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවේ වෘත්තීය සමිති නායකයින් වන වසන්ත සමරසිංහ, ඇන්ටන් මාකස්, ඒ. අයි. ආබ්දීන් ඇතුලු වෘත්තීය සමිති නායකයින් සහභාගී විය.

No comments:

Post a Comment