Monday 27 May 2013

බැංකු කොටස් මිල පහළට


වෙසක් නිවාඩු සමයෙන් පසුව අද විවෘත වූ කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද සියයට 0.65 කින් පහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 42.31 කින් පහළ ගියේය.

මේ අනුව, අද සමස්ත මිල දර්ශකය ඒකක 6,446.54 ක් ලෙසින් දැක්වුණු අතර S&P SL 20 දර්ශකය ඒකක 24.13 කින් පහළ ගොස් ඒකක 3,641.91 ක් විය.
දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 696 කි.
අද දිනයේදී විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 159 ක් වටිනා කොටස් මිලදීගෙන තිබෙන අතර රුපියල් මිලියන 46 ක් වටිනා කොටස් විකුණා දමා තිබේ. මේ අතර, සමාගම් 67 ක කොටස් මිල ඉහළ යද්දී සමාගම් 140 ක කොටස් මිල පහළ ගොස් ඇත.
මේ අනුව, දිනයේ ගනුදෙනු අවසනදී Chevron Lubricants Lanka කොටසක් රුපියල් 14.40 කින් ඉහළ ගොස් රුපියල් 314.70 ක් වෙද්දී Ceylon Tobacco කොටසක් රුපියල් 8.50 කින් ඉහළ ගොස් රුපියල් 960.00 ක් විය.
මෙ අතර, C T Holdings කොටසක් රුපියල් 2.60 කින් ඉහළ ගොස් රුපියල් 153.00 ක්ද, හැටන් නැෂනල් බැංකු කොටසක් රුපියල් 2.00 කින් පහළ ගොස් රුපියල් 168.00 ක්ද, ඩී.එෆ්.සී.සී. බැංකුවේ කොටසක් රුපියල් 2.00 කින් පහළ ගොස් රුපියල් 146.00 ක්ද, ජාතික සංවර්ධන බැංකුවේ කොටසක් රුපියල් 1.00 කින් පහළ ගොස් රුපියල් 174.10 ක්ද විය.
එසේම, කොමර්ෂල් බැංකුවේ කොටසක් රුපියල් 1.40 කින් පහළ ගොස් රුපියල් 122.50 ක් වෙද්දී පෑන් ඒෂියා බැංකුවේ කොටසක් රුපියල් 21 ක් ලෙස නොවෙනස්ව පැවතුණි. යුනියන් බැංකුවේ කොටසක් ශත 30 කින් පහළ ගොස් රුපියල් 19.50 ක්වූ අතර සම්පත් බැංකුවේ කොටසක් රුපියල් 1.40 කින් පහළ ගොස් රුපියල් 223.40 ක් විය.
Lion Brewery කොටසක මිල 1.00 කින් පහළ ගොස් රුපියල් 425.00 ක්වූ අතර Distilleries කොටසක් ශත 10 කින් ඉහළ ගොස් රුපියල් 200.00 ක් විය.
මේ අතර, ජෝන් කීල්ස් කොටසක් රුපියල් 4.90 කින් පහළ ගොස් රුපියල් 288.90 ක් වෙද්දී Nestle Lanka කොටසක් රුපියල් 21.10 කින් අඩුවී රුපියල් 2016.40 ක්වී ඇත.

No comments:

Post a Comment