Tuesday 21 May 2013

විදුළි ගාස්තු පහළ නොදැම්මොත් යළි යළිත් වර්ජන

ආණ්‌ඩුව විදුලි ගාස්‌තු ඉහළ දැමීමේ තීරණය අද (21 දා) අහෝසි නොකළොත් හෙටින් (22 දා) පසුව තවත් ඉල්ලීම් කිහිපයක්‌ද එක්‌ කර ගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් බව වෘත්තීය සමිති නායකයෝ අනතුරු අඟවති.
ඒ අනුව විදුලි ගාස්‌තු ඉහළ දැමීමේ තීරණය හකුලා ගන්නා ලෙසට කරන ඉල්ලීමට අමතරව වතුකරයේ ජනතාවට නිවාස සඳහා ඉඩම්, පෞද්ගලික අංශයට විශ්‍රාමික වැටුපක්‌, ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩිවීමක්‌ ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් දැවැන්ත වෘත්තීය අරගලයක්‌ සඳහා ආණ්‌ඩුව අදින් පසු ඉඩකඩ සකස්‌ කරනු ඇතැයි ද වෘත්තීය සමිති නායකයෝ පැවැසූහ.
ආණ්‌ඩුව නිත්‍යනුකූල නොවන ලෙස සේවකයන්ට අඩන්තේට්‌ටම් කරමින් අද පැවැත්වෙන සංකේත වැඩ වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා ක්‍රියාකරන බවද මින් හැඟී යන්නේ ආණ්‌ඩුව වැඩ වර්ජනයට බියවී ඇති බව යෑයි ද අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා කීවේය

No comments:

Post a Comment