Tuesday 21 May 2013

පෞද්ගලික සමාගම් බොහොමයක් වසා දැමේ

අද දින පැවැත්වෙන එක්දින සංකේත වැඩ වර්ජනය හේතුවෙන් පෞද්ගලික ආයතන රැසක් සම්පූර්ණයෙන් වසා දමා ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන්
මංචි කර්මාන්ත ශාලාව, සිංගර් කර්මාන්ත ශාලාව, රෝයල් සෙරමික්, ලංකා ටයිලිස්, මීපෙ වෝල් ටයිල්,
සී.අයි.සී. තීන්ත, හේලීස්, තෝමස් ඩිලාරු, පේන්ට් ඇන්ඩ් ජෙනරල්, කොකාකෝලා, ලිට්ල් ලයන්,
එලිෆන්ට් හවුස්, ඩිප් ප‍්‍රඩක්ට්, නියෝප්‍රෙක්ස්, ඇක්වා පැකේජින්,
වැනි විශාලා සමගාම් බොහොමයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට කළමනාකරණයට සිදු වී තිබේ.
මීට අමතරව ආයෝජන ප්‍රවර්ධන කළාපයේ කර්මාන්ත ශාලා බොහොමයක් ද වසා දමා ඇත. මේ පිළිබඳ අප කළ විමසුමකදී අන්තර් සමාග‍ම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ විදුලි බිල වැඩිවීමෙන් වඩාත් අපහසුතාවයට පත් වූ පෞද්ගලික සේවකයන් බොහෝ දෙනා මෙම සංකේත වැඩවර්ජනය සඳහා සහභාගී වූ බවයි.
හේලීස් ආයතනය
‍රෝයල් පෝසලේන්
මාවතගම බියර් නිශ්පාදනාගාරය

No comments:

Post a Comment