Wednesday 29 May 2013

අසාධාරණයට එරෙහිව කෑ ගසන්නේ අසාධාරණකම් කරන්නවුන්ගේ වහළ මුදුනේ සිටගෙනයි."

විසිවන සියවසෙහි අග භාගයෙහි සිට ලොව පුරා සාහිත්යයකාමීහු ඇය පිළිබඳව කතා බහ ආරම්භ කළහ. 1997 වසරේදී ලොව ප්රයශස්‌තම නවකතාවට පිරිනැමෙන බුකර් සම්මානය (Booker Award) ඇය ලියූ The God of small things නම් නවකතාවට පිරිනමනු ලැබීමත් සමග ඇය ලෝක පූජිත නවකතාකාරියක්‌ බවට පත් වූවාය. අරුන්දතී රෝයි නම් වන මෙම ලේඛිකාව සම්බන්ධයෙන් අප වඩාත්ම විශ්මිත වන්නේ ඒ ඇය ලියූ ප්ර ථම නවකතාව මෙන්ම මෙතෙක්‌ ලියූ අවසාන නවකතාවද වන බැවිනි.
තම එකම නවකතාවෙන් ලෝ පතළ නවකතාකාරියක වූ අරුන්දතී රෝයි විප්ලවකාරී ලේඛිකාවක ලෙසටද එපමණටම ප්ර කට වන්නීය. ලොව පුරා පුවත්පත් සඟරා සඳහා ඇය ලියූ සමාජයීය, පාරිසරික සහ දේශපාලනික ලිපි දහස්‌ ගණනකි. නර්මදා වේල්ල ව්යා පෘතිය (Narmada Dam Roject) ඉන්දියාවේ න්යපෂ්ටික අවි, ඉන්දියාවෙහි පිහිටි ඇමරිකානු සමාගමක්‌ වූ Enron Corporation" හි සිදු වූ දූෂණ යනාදිය පිළිබඳව ඇය පළ කළ විවේචන ඉන්දීය රජය ද අපහසුතාවට පත්කරන්නට සමත් විය.

නර්මදා නදියේ වේල්ල ඉදිකිරීමෙන් අඩ මිලියනයක්‌ වූ ජනතාව රැකියා හා නිවාස අහිමිව අනාථ වන බව ඇය ලෝකයට හෙළි කළාය. ඊට විරුද්ධව එකරාශි වූ සංවිධාන වෙනුවෙන් "බුකර්" සම්මානයෙන් ලද මුදල් පවා ඇය නොමසුරුව පරිත්යා ග කළාය.
ලොව පුරා පුවත්පත් සඟරා සඳහා ඇය ලියූ සමාජයීය, පාරිසරික සහ දේශපාලනික ලිපි
තවත් වරෙක ඇය ගෝලීයකරණය (Globalization) යන විශ්ව සංකල්පයටද එරෙහිව තම පෑන මෙහෙයවූවාය. ජම්මු - කාශ්මීර සිද්ධියේදී ඈ සිටියේ කාශ්මීරය වෙන් වූ රාජ්යියක්‌ විය යුතු යෑයි සටන් කළ වූන්ගේ පැත්තේය.
මෙවැනි බොහෝ වූ විප්ලවකාරී ලිපි ලේඛන සහ ක්රිiයාකාරකම් හේතුවෙන් ඉන්දියානු ජාතික කොංග්රවසය (Indian National Congress) මෙන්ම භාරතීය ජනතා පක්ෂාය ද අරුන්දතී රෝයි නම් වූ භාරතීය ලේඛිකාව ප්රNබල ලෙස විවේචනය කරන්නට විය.
මේ සියල්ලෙහි ප්රීතිඵලයක්‌ ලෙස ඇයට සිරබත් කන්නටද සිදු වූවාය. නඩු තීන්දුවේදී ඇයට එක්‌ දින සිර දඬුවමක්‌ සහ ඉන්දියානු රුපියල් 2500 ක දඩයක්‌ නියම කෙරිණි. රුපියල් 2500 ගෙවනු වෙනුවට තවත් තෙමසක සිර දඬුවම වඩා හොඳ යෑයි ඇය අධිකරණයට කියා සිටියාය.
ඇය මේ සියලු අත්දැකීම් සිය ලේඛන කලාවෙහි අමුද්රසව්යව කොට ගත්තාය. ඔයෑ The small Things of the God නවකතාවෙහි එන බොහෝ සිද්ධි කේරළයේ අයිමනම් (Aymanam) හි ඇය ගෙවූ ළමා කාලය තුළදී ඇසූ දුටූ ඒවා බව කියෑවේ.
" මට හිනාවෙන්නට වගේම අඬන්නටත් පුළුවන්. ඔව්, මම එක අතකින් උමතු ස්‌ත්රි යක්‌. මම අසාධාරණයට එරෙහිව කෑ ගසන්නේ අසාධාරණකම් කරන්නවුන්ගේ වහළ මුදුනේ සිටගෙනයි."

වරෙක ඈ තමා පිළිබඳව එසේ පැවසුවාය.                                                                      
Sachini Munasinghe-
 

No comments:

Post a Comment