Wednesday 8 May 2013

රෝහණ විජේවීර මාක්ස් ලෙනින්වාදී බුද්ධිමතෙකු, නිර්මානාත්මක සංවිධායකයෙකු, උපාය මාර්ගික විසේසඥයෙකු හා නිර්මල විප්ලවවාදියෙකු ලෙස....


රෝහණ විජේවීර යනු මෙතෙක් ශ්‍රීලාංකික දේශපාලනය තුල බිහි වූ අසම සම උර්තිය විප්ලවවාදියාය. එය ඔහුගේ දිවි මගතුල පසක් කොට අවසන්ය. ඔහුගේ දේශපාලනය තුල විල්ලුද පලස් ඇතිරූ මාවතක් නොවුනි. , මහා මන්දිර සසල කිරීමට ඔහු සතු ජීවගුණය තුලින් මතු වූ සිය දේශපාලන වයාපාරයට හැකි විය. පසු කලෙක කුමාර් රූපසිංහ ගේ සිට බොහෝ පිරිස් ඔහුගෙන් වෙන් වී කල්ලි කණ්ඩායම් ගොඩනගා ඔහු අභිබවීමට නොනවරත අරගලයක නියැළුණි. එහෙත් ඔහුට අලගු තැබීමටවත් කිසිවෙකුට නොහැකි විය. ඔබ අපෙන් උදුරාගෙන ගිය පසුද ඔබගේ මතවාදයට ඍජු හා වක්‍රව අවලාද නගන සුළුතරයක් නැවත බිහි විය. ඔබගේ උරුමය රැකීමට වීදි බැස ගත් සුලුතරයද මැයි දිනයද අවසන් කලේ ඔබගේ රුව වත් නොමැතිවය. එයයි අප දුටු දේශපාලන සරදම. නමුත් බහුතරය ඔබ සමග , ඔබගේ ගමන් මග තුල නොනවරත අරගල බිමක බහුතරය සිටින බව පෙනීම සතුටකි..

ඔබ ගේ දේශපාලන දෘෂ්ටිය ගැන විමසන විට ලාංකීය ජාතික ගැටලුව දෙස ඔබගේ විචක්ෂණ නෙත යොමු සැටි විමසමු.

එබඳු විශ්වාසයකට ඒමට රෝහණ සහෝදරයාට හැකි වුයේ ඔහු පොතේගුරුවාදයට යටවී ගල් ගැසුණු මාක්ස් ලෙනින්වාදියෙකු නොවුණු නිසාය. ඔහු එහි ජීවය පමණක් උකහා ගනිමින් ජාතික ගැටලුව දෙස බැලීය. සම්ප්‍රදායික "වම "ගැටලුවට විසදුම් සෙව්වේ ලෙනින්ගේ "ස්වයන් තීරණ අයිතිය" සුත්‍රයේ බල මහිමයෙනි. එයට පක්ෂය තුලම සිටි ලයනල් බෝපගේ වැන්නන් හරහාද බලපෑමක් කරනු ලැබීය. රෝහණ සහෝදරයා දීර්ඝ මාක්ස්වාදී තිසීසයක් ලියමින් දෙමල ඊලාම් අරගලයට විසදුම කුමක්ද ? කෘතිය 1985 මාර්තු මසදී තහනම් දේශපාලනය භුමිකාවකදී රටට පිලිගන්වුනි. එම කෘතිය හරකා දෙමල ජාතිවාදී බෙදුම්වාදීන්ට එරෙහිවත්, ජාතිවාදයට , අධිරාජ්‍යවාදයට මෙන්ම ධනවාදයට එරෙහිවත් තම පක්ෂයේ නිවැරදි ස්ථානය සනිටුවන් කළේය.
ජගත් අධිරාජ්‍යවාදය හා බෙදුම්වාදය අතර මනා සබැඳියාවක් ඇති බව වටහා ගත් රෝහණ සහෝදරයා ඒ අනුව ලංකාවේ ජාතික ප්‍රශ්නයටද විප්ලවීය පක්ෂයක් ලෙස අදිරාජ්‍යවිරෝධී වන නිසාම බෙදුම්වාදයට මෙන්ම ධනවාදයටද එරෙහි ස්ථාවරයකට පැමිණිය යුතුබව අවදාරණය කළේය.
" අද ලංකාවේ රට බෙදීමට විරුද්ද අරගලයත් , අධිරාජ්‍ය විරෝධී අරගලයත්, ධනපති විරෝධී අරගලයත් , ජාතිවාදී විරෝධී අරගලයත් , කුමන හෝ ජාතිකත්වයකට විශේෂ වරප්‍රසාද දීම් වෙනස් කිරීම් , අසාධාරණ කිරීම්, ආදියට විරෝධී අරගලයත් එකට ගමන් කරයි. ඒවා එකිනෙක වෙනස් කල නොහැක. බැහැර කල නොහැක. "

(දෙමල ඊලාම් අරගලයට විසදුම කුමක්ද ? පිටුව 337)

මාක්ස්වාදය සියලුම වර්ගවල ජාතිවාදයට විරුද්ද වන අතර නිර්ධන පන්ති ජාත්‍යන්තර වාදයට අචලව පක්ෂපාති වේ. සියලුම ජාතීන්ට අයත් නිර්ධනීන් අතර පන්ති සමගිය වෙනුවෙන් පෙනී සිටී. නිර්ධන පන්තිය ජාතික සීමාවන් ඔස්සේ බෙදීමටත්, නිර්ධන පන්තිය ජාතීන් අනුව සංවිධානය වීමටත් එරෙහි වේ. මාක්ස්වාදීන් ජාතීන්ට හා ජාතිකත්වයන්ටත් භාෂාවලටත් කිසිදු ආකාරයක වෙනස් කම් කිරීමට , සීමා කිරීම් වලට හෝ විශේෂ වරප්‍රසාද දීමට මුළු මනිනින්ම විරුද්ද වේ. නමුත් ජාතීන්ගේ ස්වීකරණයයට පක්ෂ පාතී වේ....

ජාතික ගැටලුවට අදාළ තමන් ස්ථාන ගතවන්නේ කොතනටද යන ප්‍රශ්නයේදී බොහෝ පැරණි වම්මුන් මෙන්ම නුතන වම්මුද පහසුවෙන් ඇදවැටුනේ " පීඩිත දෙමල ජනතා විමුක්තියෙ සටනට සහය දැක්වීමේ " ස්ථානයටය. මාක්ස් ලෙනින්වාදී උදෘතපාට මනරම් ලෙස යොදාගැනීමේ හැකියාවක් ඒ සැමට තිබුණි. නමුත් සබැ විකල්පයක් නොතිබුණි. මේ කෘතිය නැවත කියවන මෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.

No comments:

Post a Comment