Thursday 9 May 2013

චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... පළමු කොටස

මේ මහා පොලොව ගිල ගත්
මහා කළු ඝනදුරට
කදෝ පැණි එලි කුමට
තැනින් තැන ලප මතු කරන
සුවහසක් පීඩිත දනන්ගේ
ජීවිත එකලු කරවන
හෙට තනන නව ලොවට
පෙර මග ලකුණු පෙන්වන
නුඹයි හිරු අරුනලු ගෙනෙන
සදාකල් බැබලෙන ......
 
 
ඇමරිකානු මහාද්වීපයේ ලතින් ඇමරිකානු කොටසේ පහළින්ම වාගේ පිහිටි ආර්ජන්ටිනාවේ උතුරු කොටසේ සුප්‍රකට ගඟක්‌ වෙයි. "පරානා" නමැති මේ ගංගාව කිලෝමීටර් 5000 ක්‌ පමණ දිගු වන අතර දෙවැනි වන්නේ ඇමේසන් නදියට පමණි.
චේ ගෙවාරා උපදින්නේ පරානා ගංගා මිටියාවතේ පිහිටි රොසාරියෝ නමැති නගරයේය. 1928 ජුනි 14 වනදා උපත සිදුවිය . ලතින් ඇමරිකාවේ දරුවන්ට නම් තබන විට පියාගේ මුල් නම, පියාගේ වාසගම, මවගේ වාසගම යනාදිය එකතු කරනු ලැබේ. මේ අනුව චේ ගේ මුල් නම අර්නස්‌ටෝ වන අතර පියාගේ වාසගමින් ගෙවාරා යන්න ද මවගේ වාසගමින් ලසෙර්නා යන්නද එකතු කර අර්නස්‌ටෝ ගෙවාරා ඩි ලා සෙර්නා යන නම තබන ලදී.

පවතින සමාජක්‍රමයට එරෙහිව යන විප්ලවකාරයකු බිහිවන්නේ දරිද්‍රතාවය තුළිනැයි සාමාන්ය පිළිගැනීමක්‌ තිබේ. එහි මනෝවිද්යාත්මක පදනම වන්නේ දරිද්‍රතාවයව තුළ සිටින්නා එයට එරෙහිව සෙසු අය ද සමග නැගී සිටින බවය. නමුත් ඒ මතවාදය උඩු යටිකුරු කරමින් චේ ඉහළ පන්තියේ පවුලකින් පැමිණ පීඩිත පන්තියේ උස් නිදහස වෙනුවෙන් මුළු දිවියම කැප කළේය. චේගේ පියා වන අර්නස්‌ටෝ ගෙවාරා ලින්ච් ව්යාපාරිකයකු වූ අතර සුඛෝපභෝගී මගී යාත්‍රා සැළසුම් කළ කර ඒවා ඉදිකර ඉහළ මිලට විකුණුවේය. ඊට අමතරව ඔහු "ටැටේ" වගාව ද කළේය. "ටැටේ" යනු තේ හා සමාන, ආර්ජන්ටිනාවේ ජාතික පානයයි. ඔහුගේ ජාතිය ස්‌පාඤ්ඤ සහ අයර්ලන්ත රැඩිකල් විප්ලවවාදීන්ගේ රුදිරය සම්මිශ්රඔණයක්‌ වූ අතර ඔහුගේ සීයා දකුණු ඇමරිකාවේ සිටි ධනවත්ම පුද්ගලයෙක්‌ විය. චේගේ පරම්පරාව දිගු කලක්‌ ඇමරිකාවේ කැලිෆොනියාවේ වාසය කර තිබිණි. ළමා කාලයේදී තම අත්තම්මා වූ ඇනා ඉසබෙල් ලියූ කැලිෆොනියානු කතන්දර ඇසීමට චේ ඉතාප්‍රිය කළ බව දැනගන්නට ඇත.

චායාරුපයේ වම පසින් සිටින්නේ චේ .

මතු සම්බන්දයි
 

No comments:

Post a Comment