Saturday 25 May 2013

වර්ජනය කැඳවන්නත් පෙර, ආණ්‌ඩුව බය වුණා


ප්‍රශ්නය - ඔබ විශාල හඬක්‌ නඟමින් ක්‍රියාත්මක වුණත් මෙවර වැඩ වර්ජනය අසාර්ථක වුණා.

පිළිතුර - ඔබ ඔය කියන අසාර්ථක භාවය ගැන කතා කළොත් මීට පෙර අපි කැඳවන ලද 2008 ජූලි එක්‌ දින සංකේත වැඩ වර්ජන යෙන් රුපියල් 2000 ක දීමනාවක්‌ දිනා ගත්තා. ඊළඟට අපි පසුගිය 21 වැනිදා එක්‌ දින වැඩ වර්ජනයක්‌ කැඳෙව්වා. එතැනදී අපි දිනා ගත යුතු දේවල් තවමත් දිනා ගත්තේ නෑ. විදුලි බිල අඩු කිරීම සඳහා කැඳවන ලද ඒ සංකේත වැඩ වර්ජනය අපි එක්‌දින මහ වැඩ වර්ජනයක්‌ දක්‌වා ගෙන යනවා. මේක සංකේත වැඩ වර්ජනයක්‌ විතරයි. එතැනදී අපි තෝරාගත්ත ස්‌ථානවල, ජනතාව එකතුවන තැන්වල ඉදිරි වැඩපිළිවෙළක්‌ සඳහා වූ සංකේතාත්මක ක්‍රියාවලියකි. එතකොට අපි ඒ ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථකයි.

ප්‍රශ්නය - දැන් ඔබ සඳහන් කළා මුලින්ම කළ වැඩ වර්ජනයෙන් රුපියල් 2000 ක්‌ දිනා ගත්තා කියලා. මේ වැඩ වර්ජනයෙන් මොනවද දිනා ගත්තේ.

පිළිතුර - මෙයින් ප්‍රතිඵල මුල් එකටත් වඩා වැඩියි. ආණ්‌ඩුව විදුලි බිලේ ප්‍රශ්නය යට ගහන්න උප්පරවැට්‌ටි යෙදුවා. 21 වැනිදා සංකේත වැඩ වර්ජනය හා තවත් හේතු නිසා ඒක යටගහන වෑයම සාර්ථක වුණේ නෑ. ප්‍රශ්නය තවමත් කරලියේ ප්‍රමුඛතම කාරණය බවට පත්වෙලා තියෙනවා. මේ වර්ජනයෙන් ඒකට ලොකු හයියක්‌ ලැබුණා. ඊළඟට අපි මේකට විරුද්ධ වියයුත්තේ ඇයි. ඒකට විසඳුම් මොනවද කියන එකත් සමාජගත කළා. අපි ආණ්‌ඩුවට විශාල බලපෑමකුත් කළා. සමහර වැඩ වර්ජන තියෙනවා. අද කැඳවලා හෙට කරනවා සමාජ බලපෑමක්‌ නෑ. දැන් අපි මේක මාසයකට කලින් මේ ගැන කියලා සමාජ කතිකාවක්‌ ගොඩ නැගුවා. ඒ නිසාම සමාජය දැනුවත් වුණා. මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයාට සිද්ධ වුණා මාධ්‍ය සාකච්ඡාවක්‌ කැඳවලා මේ වැඩ වර්ජනයට සහභාගි වෙන්න එපා කියන්න. ඒක වුණේ ඉන්දියාවේ වැඩ වර්ජනයක්‌ නිසා නොවෙයි. කම්කරු ඇමැතිවරයාට මාධ්‍ය සාකච්ඡා හයක්‌ තියන්න සිද්ධ වුණා. එහෙම වුණේ ස්‌වාසිලන්තයේ වැඩ වර්ජනයක්‌ නිසා නොවෙයි. නිවාඩු අවලංගු කරලා ආණ්‌ඩුව විශේෂ චක්‍රලේඛයක්‌ ගැහුවා. ඒක සිද්ධ වුණේ උගන්ඩාවේ වැඩ වර්ජනයක්‌ නිසා නෙවෙයි. ඒ සේරම දේවල් ආණ්‌ඩුව කළේ අපේ ශ්‍ර Sලංකාවේ වැඩ වර්ජනයට බයෙන්. ඉතිං කොහොමද බලපෑමක්‌ වුණේ නෑ කියන්නේ. අපි දුම්රිය. බස්‌ මේ වැඩ වර්ජනයට කැඳෙව්වේ නෑ. අපි ජනාධිපතිවරයාට යවපු ලිපියේ සඳහන් වෙනවා. අපි කරන්නේ 'සංකේත වැඩ වර්ජනයක්‌' කියන එක. ඒකට ආණ්‌ඩුව 'බය වීමම' අපි ලබනු ජයග්‍රහණයක්‌.

ප්‍රශ්නය - ඔබ සඳහන් කරන 'අපි' කවුද? අන්තර්Êසමාගම් සේවක සංගමය ද.... කවුද?

පිළිතුර - වෘත්තීය සමිති ඒකාබද්ධ කරන සම්බන්ධීකරණ කමිටුව තමයි මේ වැඩ වර්ජනය කැඳෙව්වේ. ඒ තුළ ජවිපෙ සියලුම වෘත්තීය සමිති ඉන්නවා. එජාපයේ රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ, වෘත්තීය සමිති, ස්‌වාධීන වෘත්තීය සමිති ගණනාවක්‌ ඊට සහභාගි වුණා. අපි යන්නෙන් අර්ථ ගන්වන්නේ මේ සියල්ල.

ප්‍රශ්නය - නමුත් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ එදා විශ්වවිද්‍යාලයේ රාජකාරිය සඳහා වාර්තා කළා කියලා ප්‍රකාශ වුණා. එජාපය මේකට 'ඇඟෙන්ම' සහයෝගය දුන්නේ නෑ නේද?

පිළිතුර - රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෝනා විශ්වවිද්‍යාලයේ දේශන සඳහා සහභාගි නොවුණු බවට ඇය විසින්ම මේ වන විට නිවේදනයක්‌ නිකුත් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ කළා.

එජාපය හෝ ජවිපෙ මේකට සම්බන්ධ වුණේ පක්‍ෂයක්‌ හැටියට නොවෙයි. පක්‍ෂවලට බෑ මේකට සම්බන්ධ වෙන්න. මොකද මේක වෘත්තීය සමිති ව්‍යාපාරවල වැඩක්‌. පක්‍ෂ වලට පුළුවන් පාක්‍ෂිකයන් තුළ හැඟීමක්‌ හදන්න අපි මේකත් එක්‌ක ඉන්නවා කියලා.

ප්‍රශ්නය - දැන් ඔබ මෙය සංකේත වැඩ වර්ජනයක්‌ හැටියට හැඳින්වූවාට බොහෝ නාලිකා කඩ සාප්පු වසා තිබෙන බවක්‌ පෙන්නුවා. මොකක්‌ද ඇත්ත.

පිළිතුර - අපි පොදු ජනතාවටත් කිව්වා මේකට සහයෝගයක්‌ විදිහට විරෝධතාවක්‌ දක්‌වන්න කියලා. ඉතිං සමහර අය කඩ වහලා විරෝධය දැක්‌වූවා. සමහර අය වැහුවේ නැහැ. සමහර අය කළු කොඩි දැම්මා. සමහර අය දැම්මේ නෑ. අපිට අවශ්‍ය අපි අපිම පන්දම් පත්තු කරගෙන විරෝධතාවන් දක්‌වනවා වෙනුවට අපි අපිම පෙළපාලි පා ගමන් යනවා වෙනුවට පොදු ජනතාවත් දායක කරගත් විරෝධතාවක්‌ සංවිධානය කරන්න.

ඒ නිසා තමයි අපි පහුගිය 21 වැනිදා පොදු ජනතාව සහභාගි කරවා ගන්නා වැඩපිළිවෙළක්‌ ප්‍රකාශයට පත් කළේ. ඒකට දායක වුණු නොවුණුq පිරිස්‌ ඉන්න ඇති. ඒත් ඒ සියල්ල දායක කරගත් පුළුල් වැඩ වර්ජනයකට අපි යනවා.

ප්‍රශ්නය - ඔබ විසින් කළ ප්‍රකාශයක්‌ පසුගියදා මාධ්‍යවලින් ප්‍රසිද්ධ වුණා. "ඔව් හැඳුනුම්පත් එකතු කළා තමයි, දේශප්‍රේමී සටනක්‌ කරන කොට ඔත්තු දුන්නු කෙනා මැරුවා තමයි.........." වැනි ප්‍රකාශ ඒ තුළ තිබුණා. අවශ්‍ය වුණොත් නැවතත් එවැනි තත්ත්වයකට යන බව ද එයින් ගම්‍ය කළේ.

පිළිතුර - අපි විදුලි ප්‍රශ්නය ගැන කතා කරන හැම මොහොතකම අපිට කියනවා "ඒගොල්ලෝ ට්‍රාන්ස්‌පෝමර් කැඩුවා" කියලා. අපි "ගොවි ජනතාවගේ ප්‍රශ්නයක්‌ ගැන කතා කරන්නේ කවදද එදාට කියනවා වී ගබඩා ගිනි තිබ්බා කියලා. පොදු පුරවැසියන්ගේ ප්‍රශ්නයක්‌ ගැන කතා කරන්නේ කවදද එදාට කියනවා අයිඩෙන්ටිටි කාර්ඩ් එකතු කළා කියලා.

ඒ නිසා රටට අවශ්‍ය වෙලා තියෙනවා 87,88, 89 වර්ෂවල සිදුවූයේ කුමක්‌ද කියන එක පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක්‌. ඒකට මෙයින් ආරම්භයක්‌ ගත යුතුයි. අපේ දරුවන්ගෙන් ඇහුවොත් මේ රට අවසන් වතාවට සෘජුව ආක්‍රමණය කළේ කවදද කියලා, ළමයි ලියන්නේ බ්‍රිතාන්‍ය කියලා. මේක වැරදියි. මේ රට අවසන් වතාවට සෘජුව ආක්‍රමණය කළේ 1987 දී ඉන්දියාව. ඒ ආක්‍රමණය කරපු මොහොතේ රටේ පාලකයා ඒකට යටත් වුණා. රජ කාලෙත් එහෙම යටත් වෙච්ච රජවරු හිටියා. යටත් වෙලා ඒ රටට ඕන දේවල්a ශ්‍රී ලංකා භූමිය තුළ ක්‍රියාත්මක කළා. උතුරේ අපේ හමුදාව දකුණට කැඳවලා රටේ භූමියෙන් තුනෙන් එකක්‌ ඉන්දියානු හමුදාවට බාර දුන්නා. ඒ ආක්‍රමණයට විරුද්ධව අපේ පාවිච්චි වුණේ එකම එක තුවක්‌කුවයි. ඒ රජීව් ගාන්ධිට ගහපු තුවක්‌කුව. හරි නම් ඒක දැන් තියෙන්න ඕන කෞතුකාගාරයේ. ඔහු දේශප්‍රේමියෙක්‌. ජවිපෙට සහාය පිණිස එවැනි දේශප්‍රේමී කණ්‌ඩායම් හිටියා. ඒ සටන යනකොට ඒ දේශප්‍රේමී සටනට සම්බන්ධ අය අත්අඩංගුවට ගනිමින්, මරා දැමීමේ ක්‍රියාවලියක්‌ පටන් ගත්තා. වී අලෙවි මණ්‌ඩලවල, ගොවිජන සේවා මධ්‍යස්‌ථානවල එවැනි කණ්‌ඩායම් කඳවුරු බැන්දා. දේශප්‍රේමීන් තමන්ගේ ආරක්‍ෂාව සඳහා ඒ කණ්‌ඩායම්වලට පහර දුන්නා. ඒ කණ්‌ඩායම් හිටපු කඳවුරු, වී අලෙවි මණ්‌ඩලය, වී ගබඩා තමයි. එතැන හිටියේ රෑ තිස්‌සේ ඇවිදලා දේශප්‍රේමීන් අත්අඩංගුවට අරගෙන වධ දීලා, ටයර් දාලා පුච්චපු අය. ඒ කණ්‌ඩායම්වලට රාත්‍රිය පහසු කරවන ගමන් මාර්ගයේ තිබුණු ට්‍රාන්ස්‌පෝමරය දේශප්‍රේමීන් කැඩුවා. ඒක තමයි ඇත්ත කතාව.

පුරන්අප්පුලා, කැප්පෙටිපොලලත් එදා රාජ්‍ය දේපොළවලට ගැහුවා. ඒ සටනේ වටිනාකම ශ්‍රේෂ්ඨ නිසා කවුරුත් අහන්නේ නෑ කැප්පෙටිපොලලා කී දෙනෙක්‌ මැරුවද කියලා. 87, 88 සටනත් ආක්‍රමණිකයාට එරෙහිව කරපු සටනක්‌. එය පාවා දීපු අය තවමත් මේ සමාජයේ ඉහළ පුටුවල වැජඹෙන නිසාත්, මේ සමාජය මෙහෙයවීමේ කාර්යභාරයේ යෙදෙන නිසාත් ඔවුන් ෙද්‍රdaහීන් බවට පත්වන නිසාත්, එදා සිදුවූQ ඇත්ත යථාර්ථය වසන් කරනවා. ඒ නිසා එදා ආක්‍රමණයට විරුද්ධව කරපු සටන හරි.

ප්‍රශ්නය - අවුරුදු 25 ක්‌ ගියාද ඕක පිළිගන්න.

පිළිතුර - අපි හැමදාම මේක පිළිගත්තා. එදා දේශප්‍රේමී අරගලය හරි කියන එක අපි පිළිගත්තා. අපි ඉල්මහ විරුවෝ කියලා සමරන්නේ ඒ දේශප්‍රේමීන්ව තමයි. ඒ මිනිස්‌සුන්ට ඒ වටිනාකම දෙන්නේ නැතිනම් අපි කවුද? ඒ අරගලයේ වගකීම බාර ගන්න බැරි නම් අපි කොහොමද දේශපාලනය කරන්නේ. එදා ඒ අරගලයට අපි සම්බන්ධ වුණා. අපි නායකත්වය දුන්නා. ඒ අරගලයේදී ඔය හැමදේම සිද්ධ වුණා. අපි අදත් පාලකයන්ට කියන්නේ රට පාවා දෙන්න එපා කියලයි. එහෙම වුණොත් එවැනි සටන් මේ රට තුළ අපි හිටියත් නැතත් මේ පරම්පරාව නොහිටියත්, අනිවාර්යයෙන් ම බිහිවෙනවා. ඒක වළක්‌වන්න බැ.

ප්‍රශ්නය - නමුත් ඔබ ඔය කියන ප්‍රකාශ පක්‍ෂයේ ඉතිහාසය ගැන සඳහන් ඔබේ පක්‍ෂය නිකුත් කළ පොතේ සඳහන් වෙන්නේ නැහැ.

පිළිතුර - එය සංක්‍ෂිප්ත, සාරාංශගත එකක්‌. නමුත් අපි දිගින් දිගටම මේ ගැන කතා කළා. නමුත් අපි දැවැන්තව අපේ ඉතිහාසය ලියන පොතකට මේ කතාව පරිච්ඡේදයක්‌ විදිහට ඇතුළු කරනවා.

ප්‍රශ්නය - ඒ කියන්නේ අවසානයේ ඒ වගකීම් ජවිපෙ බාර ගන්නවද?

පිළිතුර - මම කොයි වෙලාවකවත් ජවිපෙ ට්‍රාන්ස්‌පෝමර් කැඩුවා. අයිඩෙන්ටි එකතු කළා කියලා සඳහන් කරලා නැහැ. මම කියන්නේ එදා දේශප්‍රේමී සටනක්‌ ඇති වුණා. ඒ සටනේ අපිත් හිටියා. තවත් අය හිටියා. එතැන රජීව් ගාන්ධිට ගහපු අය හිටියා. දිනේෂ් ගුණවර්ධනලා හිටියා. නමුත් ඒ අය ජවිපෙ නොවෙයිනේ. ඒක පොදු අරගලයක්‌. ඒ සිදුවීම් වුණා. ඒවාට නියමාකාරයෙන් දේශපාලන අර්ථ දැක්‌වීම තමයි සිදුවිය යුත්තේ.

ප්‍රශ්නය - ඒ අර්ථ දැක්‌වීම අනුව වර්තමානය වන විට එදා එහෙම අරගල කරපු අය සමඟ අත්වැල් බැඳ ගැනීම කොයිතරම් දුරට වලංගුද? සෝමවංශ අමරසිංහ මහතා රනිල් වික්‍රමසිංහ මහතාව පසුගිය මැතිවරණයේදී වැළඳගෙන පිළිගන්නවා. මේවා අපි තේරුම් ගන්න ඕන කොහොමද?

පිළිතුර - ඒක මෙහෙමයි. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්‌ක පෞද්ගලික අමනාපයක්‌ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්තයා එක්‌ක අමනාපයකුත් නෑ. රුසියාවේ සමාජවාදී පක්‍ෂයේ නායකයාට පුළුවන් ඇමරිකාවේ රාජ්‍ය නායකයාට අතට අත දීලා කතා කරන්න. ඒ වගේ දේවලින් දේශපාලනය තීරණය කරන්න බෑ. ඒවා බාල අර්ථ දැක්‌වීම්. දේශපාලනය කියන්නේ ඊට එහා ගිය ප්‍රතිපත්තිමය දෙයක්‌.

ප්‍රශ්නය - ඒ ප්‍රතිපත්තිය ජවිපෙ හැරගිය අය සම්බන්ධයෙන් වලංගු නෑ. විමල් වීරවංශ සමඟ එකට කතා කරන්න, වාඩිවෙන්න බෑ. නන්දන ගුණතිලක සමඟ ඇසුරු කරන්න බෑ. තමන් සමඟ කාලයක්‌ හිටිය අයට ඒ තියරිය වලංගු නෑ. නමුත් තම පක්‍ෂයේ නායකයා මරා දැමූ අය සමඟ අත්වැල් බැඳ ගැනීම ඔබ සාධාරණීකරණය කරනවා.

පිළිතුර - විමල් වීරවංශ සමඟÊකතා කරන්න, හිනාවෙන්න බෑ කියලා කවුරුන් හෝ කියනවා නම් ඒක අදේශපාලනිකයි. නන්දන ගුණතිලකත් සමඟ වුණත් එහෙමයි. ඒ අයගේ දේශපාලන මතවාද සමඟÊගැටෙන එකයි, ඒ අය සමඟ හිනා නොවෙන කතා නොකරන එකයි දෙකක්‌. පක්‍ෂයක්‌ විදියට අපි එහෙම තීරණයකත් නැහැ.

ප්‍රශ්නය - දැන් බොහෝ දෙනෙක්‌ ප්‍රශ්න කරනවා 87, 88 කාලයේ සිදු වූ දේවල වගකීම් බාරගන්නවා නම් ඒ ඒ පුද්ගල ඝාතන පිළිබඳව විවෘතව හෙළිදරව්වක්‌ කරන්න සූදානම් කියලා.

පිළිතුර - මේක...... තනි තනි පුද්ගලයා විසින් ගත යුතු සාකච්ඡාවක්‌ නොවෙයි. ඒක කළ යුත්තේ ආණ්‌ඩුවයි. එදා දෙපාර්ශ්වයේම අය මියගියා. සටනකදී සිදුවන්නේ එහෙමයි. එහෙම වාර්තා ප්‍රකාශයට පත් කරන්න අපිට බෑ. අපිට කියන්න පුළුවන් එදා සටනක්‌ සිද්ධ වුණා. සටන තුළ මියගියා කියන එක විතරයි.

ප්‍රශ්නය - 87 - 88 දී පළාත් සභාවලට විරුද්ධව සටන අතට ගත්තේ ජවිපෙය. මෙවර එවැනි පළල් තැනකට නොයා බොහෝ උදාසීන ක්‍රියාමාර්ගයකයි ජවිපෙ ඉන්නේ. ඇයි ඒ.

පිළිතුර - මේ ප්‍රශ්නය ආපු මොහොතේ ම දේශප්‍රේමී සටන ඇතුළෙම අපි කිව්වා පළාත් සභා අහෝසි කරන්න කියලා. පළමු පළාත් සභා ඡන්දයට එරෙහිව කළ සටනේදී අපේ සාමාජිකයන් විශාල සංඛ්‍යාවක්‌ මියගියා. අද කරළියට ඇවිත් තියෙන්නේ එදා නිවැරැදි නොකරපු එකේ පටලැවිල්ල. එහෙම නම් අවුරුදු 26 කට පස්‌සේ තමයි වර්තමාන පාලකයන්ට හා සමාජයට මේක පටලැවිල්ලක්‌ වෙන්නේ.

දැන් ආණ්‌ඩුව ඡන්දෙ තියෙනවා කියනවා. ආණ්‌ඩුවේම බලවේග දැන් පොරයකට ඇවිල්ලා තියෙනවා. අපිට පේන විදියට මේ පළාත් සභා ඡන්දය තියන්නේ නෑ. තියන්න ආණ්‌ඩුවට හා ඒ තුළ ඉන්න බලවේගවලට ඕනකමකුත් නෑ. එතකොට අපි කල්පනා කරනවා මේ ප්‍රශ්නය දැන් අපි ගන්නේ නෑ කියලා. මොකද අපි ගත්තත් නැතත් මේ පළාත් සභා ඡන්දය සහ මේ පළාත් සභා මෙතැනින් එහාට යන්නේ නෑ.

No comments:

Post a Comment