Monday 20 May 2013

ඇසින් පාලනය වන ගැලැක්සි S4 එයි

සැම්සුන් සමාගමේ ගැලැක්සි Sමාදිලියේ නවතම ස්මාර්ට්ෆෝන් උපාංගය වන ගැලැක්සි S4  (14) දින එළිදැක්විණි.
මෙහි එළිදැක්වීමේ උත්සවය අති උත්කර්ෂවත් ලෙස නිව්යෝර්ක් නුවර පවත්වා තිබුණි.
පසුගිය වසරේ වෙළඳපොළට නිකුත් කරන ලද ගැලැක්සි S3 දුරකථනය මේ වන විට ලොවපුරාවට මිලියන 40කට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබේ.
විශේෂ පහසුකම් රැසක්ම ගෙන එන ගැලැක්සි S4 ස්මාර්ට්ෆෝන් උපාංගයේ විශේෂතම ලක්ෂණය වන්නේ අක්ෂි චලනයට ප්‍රතිචාර දක්වන එහි අඟල් 5ක තිරයයි.
ස්පර්ශය තුලින් මතුවන ගැටලු වළක්වාලමින්, දුරකථන තිරය ස්පර්ශ කිරීමෙන් තොරව ,තිරයට මදක් ඉහළින් අඟිල්ල ගෙනයාම තුළින් දුරකථනය පාලනය කිරීමටද හැක.
‘ස්මාට් පෝස්’ ලෙස හඳුන්වන අංගය මගින් තිරයෙන් පිටත බලන විට තිරයේ ඇති වීඩියෝ පටය නවතියි.එලෙසම ‘ස්මාට් ස්ක්‍රොල්’ තුලින් ඇස් වල සහ මැණික් කටුවේ සිදුවන චලනයන් උපයෝගී කරගෙන තිරය පාලනය කිරීමට මෙම දුරකථනයට හැකියාව පවතියි.
මෙහි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ එකවර ඡායාරූප දෙකක් ගැනීමට එහි ඇති හැකියාවයි.
මෙහි පසුපස මෙගාපික්සල් 13 ක කැමරාවක් හා ඉදිරිපස මෙගා පික්සෙල් 2ක කැමරාවක් වේ.
ඉදිරිපස සහ පසුපස කැමරා දෙකම එකවර ක්‍රියාත්මක කිරීමට ද එමඟින් ඡායාරූපය ගන්නා පුද්ගලයාද ඇතුලත් වන ආකාරයට ඡායාරූපය සකස් කිරීමට ද මෙම දුරකථනයට හැක.
මේ අතර, මෙහි පවත්නා හඬ හඳුනා ගැනීමේ උපකරණය තුලින් වාහනයක් ධාවනය කරමින් සිටින අවස්ථාවක වුවද ලැබෙන කෙටි පණිවිඩ ධාවකයාට ඇසෙන පරිදි කියවීමටද, ලබාදෙන පිළිතුර සටහන් කරගෙන එය අදාල පුද්ගලයාට යැවීමද, ලැබුනු කෙටි පණිවිඩ වෙනත් අයෙකුට යැවීමට හා ගබඩා කිරීමට ද හැකියාව පවතියි.
තවද, එම උපකරණයට භාෂා 9ක් පරිවර්තනය කිරීමට හැකි ය.
 අප්‍රියෙල් මාසයේ ලොව පුරා වෙළඳපළ වලට නිකුත් කල ගැලැක්සි S4 ස්මාර්ට්ෆෝන් දුරකථනය සුදු සහ කලු යන වර්ණ දෙකෙන් ලබා ගත හැක.
මේවනවිට ඇපල් ආයතනයේ නිෂ්පාදන වලට විශාලතම අභියෝගය එල්ල කිරීමට සමත්ව සිටින්නේ සැම්සුන් ආයතනය බව විචාරක මතයයි.






No comments:

Post a Comment