Monday 17 June 2013

දෙවන වටයට යන්න ඔස්ට්‍රේලියාවට පන්දුවාර 29.1දී 254ක ඉලක්කයක්



ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහේල ජයවර්ධන පන්දු 81කදී නොදැවී ලකුණු 84ක් ලහිරු තිරිමාන්න ලකුණු 57ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 34ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 31ක් ලබා ගන්නා ලදී.

පන්දු යැවිමේදී මිචෙල් ජොන්සන් ලකුණු 48ට කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය.

දෙවන වටයට යාම සඳහා ශ්‍රී ලංකාව මෙම තරගය අනිවාර්යයෙන් ජය ගත යුතු අතර ඔස්ට්‍රේලියාව එම වටයට යාම සඳහා මෙම ලකුණු සංඛ්‍යාව පන්දුවාර 29.1දී ලබා ගත යුතුය.

යම් හෙයකින් ඔස්ට්‍රේලියාව මෙම තරගය පන්දුවාර 29.1කින් පසුව ජය ලබාගත හොත් නවසීලන්ත කණ්ඩායම දෙවන වටයට සුදුසුකම් ලබනවා ඇත.

මේ අතර මෙම තරගයේදී මහේල ජයවර්ධන එක්දින ලකුණු 11,000 සම්පූර්ණ කිරීමට සමත් විය.

මහේල ජයවර්ධන එක්දින තරග 394දී ඉනිම් 368කදී මෙම ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට සමත්ව ඇත.

එහි සාමාන්‍ය 33.33කි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර හැරුණු විට ලකුණු 11,000 පසුකළ තෙවැනි ක්‍රීඩකයා ද මහේලයි.
චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 253ක් ලබා ගැනීමට සමත් විය.

No comments:

Post a Comment