Monday 17 June 2013

ශ්‍රී ලංකාව දිනයි - ඔස්ට්‍රේලියාවත් නවසීලන්තයත් විසිවෙයි

ඔස්ට්‍රේලියාවේත් නවසීලන්තයෙත් බලාපොරොත්තු සුන්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මීට ටික වේලාවකට පෙර සමත් විය.



ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහේල ජයවර්ධන නොදැවී ලකුණු 84ක් ලහිරු තිරිමාන්න ලකුණු 57ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 43ක්ඩහා දිනේෂ් චන්දිමාල් ලකුණු 31ක් ලබා ගන්නා ලදී.

පන්දු යැවිමේදී මිචෙල් ජොන්සන් කඩුලු බිඳ දැමීමට සමත් විය.

අවසන් පූර්ව වටයට යාම සඳහා ශ්‍රී ලංකාව මෙම තරගය අනිවාර්යයෙන් ජය ගත යුතුව තිබූ අතර ඔස්ට්‍රේලියාව එම වටයට යාම සඳහා පන්දුවාර 29.1දී ශ්‍රී ලංකාව දුන් ඉලක්කය අභිබවා යා යුතුව තිබුණි.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 42.3දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 233ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගයෙන් ලකුණු 20ක ජයක් ලබා ගැනීමට හැකි විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඇඩම් වොගස් ලකුණු 49ක් හා මැතිව් වේඩ් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර කඩුලු 3ක් බිඳ දමන ලදී.

යම් හෙයකින් නියමිත පන්දුවාර 29.1 අවසානයේ හෝ ඔස්ට්‍රේලියාව මෙම තරගය ජය ගත්තේ නම් ලකුණු ලබා ගැනීමේ වේගය මත නවසීලන්ත කණ්ඩායමට මීළඟ වටයට යාමට අවස්ථාව තිබිණ.

මහේල ජයවර්ධන තරගයේ වීරයා සම්මානයට පාත්‍රවිය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු ලබා ගැනීමට සමත් විය.

No comments:

Post a Comment