Saturday 1 June 2013

ජුනි 5 දා ජවිපෙන් ‍සියලුම දිස්ත්‍රික්කවල පොදුජන විරෝධයක්

අසාධාරණ ලෙස වැඩි කළ විදුලි බිල අඩු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ‍පොදුජන විරෝධතාවක් දියත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඒ අනුව ජුනි 5දා 6 වෙනිදා දවස පුරා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර ආවරණය වන පරිදි ‍පොදු ජනතාව සම්බන්ධ කර ගනිමින් මෙම විරෝධතාව ගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය. ඒ අනුව ජුනි 5දා දවස පුරා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර ආවරණය වන පරිදි ‍පොදු ජනතාව සම්බන්ධ කර ගනිමින් මෙම විරෝධතාව ගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය. පෙත්සම් අත්සන් කිරීම, පන්දම් පෙළපාළි උද්ඝෝෂණ ඇතුළු විරෝධතා ක්‍රියාමාර්ග රැසක් මෙදින ක්‍රියාත්මක කරන බව ඔහු  පැවැසීය.

No comments:

Post a Comment