Tuesday 11 June 2013

ලාංකිකයින්ට වේගවත් එංගලන්ත වීසා වරම්


කොළඹ පිහිටි බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙන්නේ උතුරු ඇමරිකානු, යුරෝපීය සහ පැසිෆික් කළාපීය රටකට කිසිදු ප්‍රශ්නයකින් තොරව ගොස් තිබෙන ලාංකිකයින්ට බ්‍රිතාන්‍යයට යාමට ඉතාමත් ඉක්මනින් වීසා ලබාගැනීමේ සේවාවට ජුනි 24 වනදා සිට අයදුම් කළ හැකි බවයි.

මේ අනුව, පසුගිය වසර පහ තුළ ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය යන රට වලට කිසිදු ප්‍රශ්නයකින් තොරව වීසා ලබාගත් ලාංකිකයින් මෙම සේවාව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන අතර මේ යටතේ දින පහක් වැනි කාලයක් ඇතුළත බ්‍රිතාන්‍යයට යෑමට වීසා ලබාගත හැකි බව මහ කොමසාරිස් කාර්යාලය කියයි.
මෙම වීසා ලබාගැනීම් අන්තර් ජාලය මගින් සිදුකළ හැකිබව වැඩිදුරටත් සඳහන්ය.
මෙම වීසා ක්‍රමය ශිෂ්‍ය වීසා සඳහා බලනොපැවැත්වෙන බවත් මේ සඳහා අමතරව රුපියල් 10,000 ක ගාස්තුවක් ගෙවිය යුතු බවත් මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

No comments:

Post a Comment