Saturday 15 June 2013

විමුක්තිය කරා යාමට අරගලය හැර අන් මාවතක් නැත.පිදෙල් කස්ත්රෝ

පාලක කල්ලි හා සූරාකන පන්තීහු විප්ලවවාදීන් හා සුරාකෑමට ගොදුරු වන්නන් බලය අත් කරගැනීම වැළක්වීමේ තත්වයන් නිර්මාණය කිරීමට් ප්‍රයත්න දරති. ඈත ඉතිහාසය , එයේ අද සහ නිරන්තර ඉතිහාසය , විප්ලවයන් නිර්මාණය කලාවූ ජනතාවගේ ඉතිහාසය විසින් ඒකමතික මාවතක් අපට පෙන්වා දී ඇත.කවර හෝප්‍රගතියක් , කවර හෝ නිදහසක් , දිනාගත්තාවූ ජනතාව අපට උගන්වා ඇත්තේ , ඔවුන් එය ඉටුකරගෙන ඇත්තේ නිවට නියාලු වීමෙන් හෝ වියගස මත සිය ගෙල තැබීමෙන් නොවන බවයි.

ජනතාව තමන්ට අරගල කිරීමට බලකරනවිට අරගල කළහ.ලේ වැගිරීමට තමන් තුල ඇති කැමැත්ත නිසා නොව වහල්බාවය හෝ කැපකිරීම පිලිබඳ විකල්පය තෝරා ගැනීමට මුහුණ දුන් නිසාම සටන් කිරීමට ඔවුන්ට සිදුවිය.ඔවුහු තම නිදහස හා සාදාරණත්වය උදෙසා තම ලෙයින් හා ජීවිත පරිත්යාගයෙන් මිල ගෙවීමට බල කරනු ලැබීය.සුරාකන්නන් විසින් සුරාකනු ලබන්නන් මතද .පීඩකයන් විසින් පීඩිතයන් මතද , වහල් හිමියන් විසින් වහලුන් මතද , පටවා ඇති ඓතිහාසික විකල්පය මෙයයි. සුරා කෑම ,පීඩනය, වහල්බාවය , එසේ නැත්නම් ජීවිත පරිත්යාගය - මහත්වරුනි ..! මේ මාවත ජනතාව විසින් තෝරා ගත්තේ නැත. ජනතාව ඔවුන්ගේ සුරකන්නන් හා පීඩකයන් විසින් තමන් වෙතට පටවනු ලැබූ මාර්ගය අනුගමනය කරනවා පමණි.අප පිළිබඳව බලනවිට එය පැහැදිලිය.අපගේ ජනතාවට අවාසනාවකට මෙන් , විමුක්තිය කරා යාමට අරගලය හැර අන් මාවතක් නැත.

පිදෙල් කස්ත්රෝ

No comments:

Post a Comment