Saturday 15 June 2013

ජවිපෙ විදුලි බිල් ගිනි තියයි

ආණ්ඩුව විසින් වැඩි කරන ලද විදුලි බිලට විරෝධය පළ කරමින් සහ එම විදුලි බිල අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් 21 වෙනිදා රට පුරා විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු සූදානම් කර ඇත. රට පුරා ප්‍රධාන නගර ගණනාවක මෙම විරෝධතා මාලාව පැවැත්වෙන අතර එහිදී සංකේතාත්මකව විදුලි බිල් ගිනි තබමින් ආණ්ඩුවට විරෝධය පළ කරන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් කීය.
මැයි 21 දා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය,  නිදහස් වෙළෙඳ කලාප, ගොවි, ධීවර, කාන්තා, රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද සංකේත වැඩ වර්ජනයට මෙම 21 වෙනිදාට මාසයක් පිරෙන දිනයේ මෙම විරෝධතාව සංවිධානය කර ඇත.

No comments:

Post a Comment