Saturday 15 June 2013

දිග අඩි 60 යි; බර රාත්තල් 1000 යි ලොව දිගම මාළුවා

ලොව සිටින විශාලතම මත්ස්‍ය වර්ගය තල්මසුන් බවට පිළිගැනීමක්‌ තිබෙනවා. එහෙත් තල්මසා ක්‍ෂීරපායි සත්ත්වයෙක්‌ වීම නිසා ඌ මත්ස්‍ය කුලයෙන් මදකට අයින් කර තැබීමට ඇතැම් සත්ත්ව විද්‍යාඥයන් කැමැතියි. එසේ නම් ලොව විශාලතම මත්ස්‍යයා කවර වර්ගයට අයිතිද? මේ ගැන මතභේද රැසක්‌ තිබුණත් Bony Fish හෙවත් අස්‌ථි පඤ්ජරයක්‌ ඇති මසුන් අතරින් (අප මෙසේ කියන්නේ අස්‌ථි වෙනුවට කාටිලේජ සැකිල්ලක්‌ සහිත මත්ස්‍යයනුත් සිටින නිසයි. උදා - මෝරා) තෝරාගනු ලබන ද්රසෙsය නමැති මත්ස්‍ය වර්ගය ලොව විශාලතම මත්ස්‍යයන් බව පිළිගෙන තිබෙනවා. මේ මත්ස්‍යයකු අඩි 60 කට වඩා දිගට හැදෙන අතර රාත්තල් 1000 කට ආසන්න බරකින් යුතුයි. ඌ දැක ගැනීමට හැක්‌කේ ඉතා කලාතුරකිනි. සමහරවිට ඌ හැසිරෙන සාගර කලාපයේ දිනපතාම වාගේ කිමිදෙන කිමිදුම්කරුවකුට ජීවිතයේ එක්‌ වතාවක්‌වත් මේ මත්ස්‍යයා දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

එහෙත් ඇමරිකාවේ ලවුසියානා (ලුසියානා) ජාතික විශ්වවිද්‍යාලයේ සාගර ජීව විද්‍යාඥයන් පිරිසකට පසුගිය වසර 03 තුළ අහම්බෙන් කිහිප වතාවක්‌ම මේ මත්ස්‍යයා මුණ ගැසුණා. ඒ සඳහා ඔවුන්ට උපකාර කළේ මැක්‌සිකෝ බොක්‌කේ මහා සාගරයේ තෙල් කැණීම්වල නිරත වන සමාගමක්‌. විද්‍යාඥයන්ට මේ මත්ස්‍යයා හමු වන්නේ එම සමාගම මුහුදු යටට යෑවූ කැමරාවක්‌ මගින්. වසර 2008 සිට 2011 දක්‌වා මේ අද්භූත දුර්ලභ සතා දැක ගැනීමට ඔවුන්ට හැකි වෙනවා.

* * * * * * * * * * * *



ඝර්ම කලාපික මුහුදුවල ජීවත්වන Oarfish මත්ස්‍යයා පිළිබඳ මුල්ම වාර්තා තබා ඇත්තේ නෝර්වේ ජාතික ජීව විද්‍යාඥයකු වන පීටර් ඇස්‌කානියස්‌. මේ සතාගේ විද්‍යාත්මක නාමය වන්නේ Regalecus glesne පළලින් අඩු දිගින් වැඩි Oarfish මත්ස්‍යයා මහ සාගරයේ ගමන් ගන්නේ පීත්ත පටියක්‌ වගෙයි. මිය ගිය විට, මිය යැමට සූදානම් වූ විට, රෝගී වූ විට මේ මත්ස්‍යයා සාගරය මතුපිටට එනවා. එහෙත් මේ සතා ඉතා දුර්ලභ බැවින් අවුරුදු 10 කටවත් එයින් එක්‌ මත්ස්‍යයකුගේ සිරුරක්‌ සාගරය මතුපිටට පාවී ගොඩ බිමට ගොඩ ගසන්නේ නෑ. මෙබඳු මාළුවකු දඩයම් කර ගැනීමට ලැබීම රජයේ ගෞරවය හිමිවන තත්ත්වයක්‌ ලෙස සැලකූ යුගයක්‌ එක්‌ දහස්‌ හත්සිය ගණන්වල තිබුණා. Oar fish මත්ස්‍යයා අනුභවයට සුදුසු නැහැ. හේතුව උගේ මාංශය පාප්ප මෙන් ඇලෙන සුළු ගතියකින් යුතු වීමයි.

මේ මත්ස්‍යයාගේ සිරුර රිදී පාටයි. හිසේ සිට වලිග කොන තෙක්‌ ඇති වරල් සමූහය රතුම රතු පාටයි. උගේ සිරුරේ වරල් 400 ක්‌ පමණ තිබෙනවා. කටේ දත් ඇති බවක්‌a පිටතට පෙනෙන්නේ නැහැ. 1860 දී බර්මියුඩා සාගරයට මේ මාළුවකු පාවී ආ බවට සාක්‍ෂි තිබෙනවා. එකල සිටි මිනිසුන් සිතුවේ මේකා මුහුදු සර්පයකු බවයි. ඌ සාමාන්‍යයෙන් අඩි 3000 ක්‌ ගැඹුරු සාගරයේ ජීවත් වෙනවා. වසර 2003 පෙබරවාරි 17 වැනිදා එක්‌සත් රාජධානියේ මසුන් මරන්නකුගේ දැලට Oarfish මත්ස්‍යයෙක්‌ හසු වුණා. ඒ සතාගේ දිග අඩි 11 යි. බර රාත්තල් 140 යි. 1996 දී ඇමරිකාවේ කැලිෆෝර්නියා වෙරළේදී නාවික හමුදාවේ සීල් සෙබළ පිරිසකට (ඔසාමා බින්ලාදීන් ඝාතනය කළ සේනාංකය) අඩි 25 ක්‌ දිග Oar fish මත්ස්‍යයකු හසු වූ බවට ඡායාරූප ගත සාක්‍ෂි තිබෙනවා. පණ පිටින් සිටින මේ මාළුවකු වසර 2001 දී මුල් වතාවට ඡායාරූප ගත කෙරුණා. මේ මත්ස්‍යයා උපදින්නේ මිලිමීටර් 6 ක්‌ දිග බිත්තරයකින්.

Oarfish යනු සොබාදහමේ තවත් අපූරු නිර්මාණයක්‌. අඩි තුන් හාර දහසක්‌ ගැඹුරු සාගරයේ මේ සතුන් ජීවත් වන්නේ විශාල ජල පීඩනයකට සමත්වයි. වැරදීමකින් හෝ උන් උඩට ආවොත් අඩු පීඩනයකට ලක්‌වන ඒ සතුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පුපුරා යැමට ඉඩ තිබෙනවා.

No comments:

Post a Comment