Sunday 16 June 2013

සියාම් ඝාතනයේ සැකකාර පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩතහනම්


බස්නාහිර උතුර දිශාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඞී.එස් ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා. කොළඹ උතුර දිශාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඝාතන සිද්ධියක සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගතව සිටින බැවින් පොලිස්පතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා. කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සෙසු සැකකරුවන් වන සහකාර පොලිස් අධිකාරිවරයා සහ කොස්තාපල්වරුන් තිදෙනාගේ වැඩ තහනම් කිරීමට ද පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා. මේ අතර කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලට රැගෙන ගොස් තිබෙනවා. ඊයේ රාත‍්‍රියේ වාස් ගුණවර්ධන මහතා එලෙස බන්ධනාගාර රෝහලට රැගෙන ගිය බවයි වාර්තාවන්නේ. ඉකුත් 13 වැනිදා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා. 
බම්බලපිටිය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වු මොහොමඞ් සියාම් නමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 10 වැනිදා රාත‍්‍රීයේයි. ඉකුත් 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඔහු ජුනි මස 25 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළා.

No comments:

Post a Comment