Tuesday 11 June 2013

රනිල්ට-තිස්සට-මැර-ප්‍රහාරයක් කැති පොලු ‍ගල් මුල් රැගෙන දෙසීයකට ආසන්න පිරිසක්

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එජාප මහ ලේකම් තිස්ස අත්තනායක පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක‍ට ප්‍රහාරයක් එල්ලවී තිබේ. අද (11) සවස 4.30 ට පමණ බලපිටිය - මි‍ගෙට්ටුවත්ත ප්‍රදේශයේ YMBAඉදිරිපිටදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව එ.ජා.ප එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාකියා සිටියේය.
ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනතුරට මුහුණදී ජීවිතක්ෂයට පත්වූ ධීවරයින් කිහිපදෙනකුගේ අවමංගල්‍යයට සහභාගීවීම සඳහා විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස මෙම ප්‍රදේශයට ගොස් තිබේ.
එහිදී කැති පොලු ‍ගල් මුල් රැගෙන ආ දෙසීයකට ආසන්න  පිරිසක් තමන්ට ප්‍රහාරයක් දියත් කළ බවත්, එම ප්‍රහාරයෙන් විපක්ෂ නායකවරයාගේ නිල රථයට හා ආරක්ෂක රථ වලට හානි සිදුව ඇති බවත් අත්තනායක මහතා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ හා තිස්ස අත්තනායක මහතා එකම වාහනයේම පැමිණ ඇති අතර මඟ හරස්කළ  පිරිස එම නිලරථයේ දෝරවල් හැර රනිල් වික්‍රමසිංහ මහතාව එළියට ඇද දැමීමට උත්සහ ගෙන තිබුණු අතර අරක්ෂකයන්ගේ මැදිහත් වීම මත ඒ වැලකී තිබේ. යම් කිසි ලෙසකින් නිල රථයේ දෝරවල් හැර නායක තුමාව එළියට ඇද ගැනීමට  සමත් වූයේනම් එතුමාගේ ජීවිතයට පවා හානියක් සිදු වීමට ඉඩ තිබුණු බවත අත්තනායක මහතා පැවැසීය

කෙසේ නමුත් ආරක්ෂකයින්  පිරිස වලකා රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිස ආරක්ෂිතව එතැනින් ඉවත් කිරීමට සමත්ව ඇති අතර තිස්ස අත්තනායක මහතා අප වෙත ප්‍රකාෂ කළේ මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා මේ  පිරිස අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කල යුතු බවය. මේ සම්බන්ධයෙන් මේ වන විට පොලිස්පති තුමාට පැමිණිල්ලක්ද කර තිබේ.
කෙසේ නමුත් මේ ඉතා සැලසුම් සහගතව සිදු කල ප්‍රහාරක් බවත් ආණ්ඩුවේ දුර්වල තාවය නිසා නිකරුණේ මිය ගිය ධීවරයන්ගේ අවසන් කටයුතු වලට සහබාගි වූවන්ටත් මැරයන් ලවා පර දීමට තරම් පහත් නින්දිත තත්වයකට අද ආණ්ඩුව පත්වී ඇති බවත් ඔහු පැවැසීය.
එසේම මේ සිදු වීම වූ අවස්ථාවේ ඒ අසල තැනක සජින්වාස් ගුණවර්ධන සිටි බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඔහු පැවැසීය.

No comments:

Post a Comment