Tuesday 11 June 2013

කම්කරුවන්ගේ සුබසාධනය උදෙසා පෙළ ගැසෙමු.

උදේ සිට රෑ වනතුරු කඳු හෙල් නගිමින්, කහට උගුරකින් කුස ගිනි නිවනා අපේම සොයුරියන් පිරිසකි නුඹලා. කුසට සාගිනි, හරි හමන් නිවහනක් නොමැතිව ජීවිතයම එකම තැන ගෙවමින් මේ හෙලන දහදිය වතු පාලකයන්ගේත් බහු ජාතික සමාගම් වලත් සුඛවිවරණය පිණිසමය. අවම වැටුප් ශ්‍රේණියට වත් ඇතුලත් නොමැති නුඹලාගේ චන්දයෙන් සුර සැප විඳින්නේද තමන්ගේම වතු පිටි වලින් බිහි වූ එකාමය. එහෙත් උන් සේවය කරන්නේ ධනපති වලව්වලටය. ශ්‍රමයට සරිලන ජීවන ක්‍රමයක අවැසි බව දශක ගණනාවක සිට හඬ නැගුවද සියල්ල අවසානයේ ඇමෙති ධුරයෙන් කෙලවර විය. නුඹලා සිටි තැනම එදා මෙන්ම අදත් සිටින්නේය. යුක්තිය ඉටුවන්නේ සාමුලික අරගලයක ප්‍රතිපලයකිනි. වතු කම්කරුවන්ගේ සුබසාධනය උදෙසා පෙළ ගැසෙමු

No comments:

Post a Comment