Thursday 6 June 2013

පැරිස් ජැක්සන් සියදිවි නසා ගැනීමට තැත් කරයි




ඉන්දීය නිළි ජියා ඛාන් සියදිවි නසා ගැනීමේ උණුසුම මැකී යාමටත් මත්තෙන් හිටපු සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ 15 හැවිරිදි එකම දියණියද සියදිවි නසා ගැනීමට තැත් කර තිබෙන බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය ලොස් ඇන්ජලිස් නුවර සිට වාර්තා කරන්නේ ඇයව වහාම රෝහලක් වෙත රැගෙන ගිය බවත් මීට පෙරද ඇය සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබුණු බවයි.
ඇය කෙමෙන් සුවය ලබමින් සිටින බවද සඳහන්ය.
මයිකල් ජැක්සන් මිය යනවිට පැරිස් 11 වනවියේ පසු වූවාය.



No comments:

Post a Comment