Friday 7 June 2013

උතුරට තරග කිරීමට කළ එ.ජා.ප.යේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළා - දයා මාස්‌ටර්

උතුරු පළාත් සභාවට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත්වී තරග කරන ලෙස එ.ජා.ප. යේ ප්‍රබලයකු තමාගෙන් ඉල්ලීමක්‌ කළ නමුත් තමා එම ඉල්ලීම තරයේම ප්‍රතික්‍ෂේප කළ බව කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්‌ටර්  ඊයේ (6 දා) ප්‍රකාශ කළේය.

තමාගේ එකම අරමුණ රජය සමග එක්‌වී රජයට සහයෝගය පිණිස එම මැතිවරණයේදී තරග කිරීම බවද එමගින් උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීම බවද හෙතෙම පැවසීය.

ගෙවී ගිය අතීතය යළි යළි සිහිපත් නොකරන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.

"මෙම පළාත් සභා මැතිවරණයට සම්බන්ධව මා ගැන විවිධ කතා පැතිරුණා. මම යූ.ඇන්.පී.යට සහාය දෙන්න යනවා කිව්වා. එA කතා අමූලික බොරු. යූ.ඇන්.පී.යට සහාය දෙන්න මට ඕනෑ නැහැ. එ.ජා.ප. යේ නායකයා යාපනයට පැමිණි මොහොතේ මට පණිවුඩයක්‌ එව්වා එතුමාව හමුවෙන්න කියලා. මම ගියේ නැහැ. මගේ සම්පූර්ණ සහාය රජයට දෙනවා"යෑයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment