Sunday 2 June 2013

ධනේශ්වර ක්‍රමයේ පැවැත්ම උදෙසා අටවා ගත් එක්සත් ජාතීන්ගේ සම්මේලනය ඇමතු චේ ගවේරා


1964 දෙසැම්බර් 11 වන දින ධනේශ්වර ක්‍රමයේ පැවැත්ම උදෙසා අටවා ගත මෙවලමක් වන එක්සත් ජාතීන්ගේ සම්මේලනය ඇමතීමේ අවස්තාව චේ ගවේරා සහෝදරයාට හිමි විය. ඔහු එහිදී ලෝක අධිරාජ්‍යවාදීන්ගේ බල මුළුව ඉදිරියේ මෙසේ කිවේය
" ලොව පුරා රජ කරමින් පවතින අධිරාජ්‍යවාදයට කිසිදු දේශ සීමාවක් නැත. සීමාන්තික ත්‍රස්තවාදයකින් ඔවුන් පෙලන්නේ පීඩිත ලෝකය තුල ජීවත් වන නිරායුධ මිනිසුන්ය. හිට්ලර් විසින් දියත් කල තිරිසන් මිනිස් සංහාරයට නෑකම් කීමට උතුරු ඇමෙරිකානුවන් විසින් ලතින් ඇමෙරිකාව, කැරිබියානු කලාපය මත හෙලා ඇති මිලේච්ච ජන පීඩනය සමාන කල නොහැකිද ? එමෙන්ම ප්‍රංශ අධිරාජ්‍යවාදීන් විසින් පාගා ශාරය උරා බී විනාශ කිරීමට කැස කවන ඇන්ගෝලාව තුලද දිස් වන්නේ එයම නොවේද ? බෙල්ජියම් අධිරාජ්‍යවාදීන් විසින් අප්‍රිකානු මහාද්වීපය සුරාකනවා මදිවට සිදු කරන සමුහ මිනිස් ඝාතන සමාන වන්නේ හිට්ලර්ගේ නාසි වාදයට නොවේද ? එසේ නොවේ නම් ඔප්පු කර පෙන්වන්න..!!! ලේ පිපාසිත මුර්ගයන් සේ ලොවම පීඩාවට පත් කරමින් රාජ්‍යතාන්ත්‍රික ත්‍රස්තවාදයට උල් පන්දම් දෙන මහත්වරුනි..නුඹලා කොංගෝවේ ලුලුම්බා සහෝදරයාගේ පිළිරුව අද විනාශ කලත් නැවත අපි එය හෙට ගොඩ නගන බව ආඩම්බරයෙන් පවසනව. ලෝකය පුරා නිදහස් අරගල වලට පිවිස දිවිදුන් වීරයන්ගේ වීරත්වය මතින් හෙට දවසේ ලොවට සාදාරණයක් ගෙන එනවා. අපි අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වදිනවා පමණක් නොව එය පරාජය කරන්නෙමු. "
 

No comments:

Post a Comment