රිදීමාලියද්ද 
      ප්‍රාදේශීය සභා සභාපති කරූ වීරරත්න මහතා ඇතුළු පිරිසකගේ 
      පහර කෑමට ලක් වූ මහියංගණය අරාවත්ත ප්‍රදේශයේ පදිංචි 
      කාන්තාවක් සහ ඇගේ දියණිය තුවාල ලබා මහියංගණය මූලික රෝහලට 
      ඇතුළත් කර තිබේ.
      
      පෙරේදා (01 දා) රාත්‍රි 7.30 ට පමණ සිදු වූ මෙම සිද්ධියේදී 
      තුවාල ලබා ඇත්තේ චන්ද්‍රd ජෝතිරත්න (49) හා වත්සලා අරෝෂණී 
      (21) යන මව හා දියණියයි.
      
      මෙම පහරදීම සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය සභා සභාපතිවරයා 
      ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වේ.
      
      මෙම කාන්තාව හා ප්‍රාදේශීය සභා සභාපතිවරයා අතර දුරකථන 
      මාර්ග ඔස්‌සේ ඇති වූ කතාබහක් දුරදිගයැම මෙම පහරදීමේ 
      සිද්ධිය ඇතිවීමට මූලික වී ඇතැයි පැවසේ.
 

 
No comments:
Post a Comment